IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


විරෝධතාකරුවන් හමුවන්න බ‍්‍රසීල ජනපතිනිය එකඟවෙයි

රජයට එරෙහිව විරෝධතා සංවිධානය කරන වෘත්තීය සංගම් නායකයන් සහ සරසවි සිසුන් හමුවී සාකච්ජා කිරීමටත් නව ප‍්‍රතිසංස්කරණ හඳුන්වාදී ඒවා කි‍්‍රයාත්මක කිරීමටත් තමන් සූදානම් බව බ‍්‍රසීල ජනපතිනී ඩිල්මා රූසෙෆ් පවසයි.
බ‍්‍රසීලයේ රාජ්‍ය විරෝධී රැල්ලක් ආරම්භ වී ඇත්තේ දූෂණ වංචා ඉහළ යෑම, මහජන සේවා අඩපණ වීම, පොලිසියේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැඩිවීම ආදී චෝදනා රැසක්  ජනපතිනී රූසෙෆ්ගේ රජයට එරෙහිව එල්ල වීමත් සමඟය.
ලබන වසරේදී එනම් 2014 දී බ‍්‍රසීලය ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමට ලහිලහියේ සූදානම් වෙමින් සිටී.
රටේ ජනතාව ආර්ථික ආපහසුතාවලින් සහ විරැකියාවෙන් පීඩා විඳිමින් සිටිද්දී, රජය ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් ලක්ෂ ගණනින් මුදල් වැය කිරීම ද විරෝධතාකරුවන්ගේ දෝෂ දර්ශනයට හේතුවක් වී ඇත.
මේ වනවිට රියෝ දි ජිනැයිරෝ අගනුවර පමණක් නොව, සැල්වදෝර්, බාහියා ආදී බ‍්‍රසීලයේ ප‍්‍රධාන නගර 10 ක විරෝධතා පැවැත්වෙන අතර එම විරෝධතා මර්දනය කිරීමට කැරැුලි මර්දන පොලිසිය යොදවා ඇත.
විරෝධතාකරුවන් සහ පොලිසිය අතර පැවැති දරුණු ගැටුම්වලින් මේ වනවිට 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. පොලිස් අත්අඩංගුවට පත් වූ විරෝධතාකරුවන් ගණන 150 කට වැඩි යැයි එරට පුවත් සේවා පවසයි.



අදහස් (0)

විරෝධතාකරුවන් හමුවන්න බ‍්‍රසීල ජනපතිනිය එකඟවෙයි

සුජා Tuesday, 25 June 2013 02:07 PM

මම හිතන්නේ බ‍්‍රසීල ජනපතිනී ඩිල්මා රූසෙෆ් මහත්මිය එතරම් පළපුරුදු නැති වයසෙන් අඩුකෙනෙක් වෙන්න ඇති මක් නිසාද යත් එනිසා වෙන්න ඇති නායකයන් සහ සරසවි සිසුන් හමුවී සාකච්ජා කිරීමටයන්න සුදානම. නැතිනම් කියාවී "මම මොනවටද ඔය පුංචි එවුන් සමග සාකච්ජා කරන්නේ මට මොනතරම් පළපුරුද්දක් තියනවද මට එන්න බැහැ ඕනනම් මගේ ගෙදර කෙනෙක් එවන්නම් කියා" නේද ?(නදී)

:       0       0

ජීවන් Tuesday, 25 June 2013 11:11 AM

ඉස්සරලා ඇමරිකාවට බනින්න ඊළගට මොකක් හරි ඉදිකිරීමක් පෙන්නලා ඒවායේ සංවර්දන ගැන විස්තරයක් කරන්න. එම ඉදිකිරීම් වලින් වමට ගැහැවේ නෑම කියල අගවන්න. වෙන රටවලත් මිනිස්සු විදින්නේ දුකම කියල අගවන්න. විරෝදතා කිරීම ඇමරිකාවට නඩේයාමක් ලෙසම හුවා දක්වන්න.(නදී)

:       0       0

බංඩා Tuesday, 25 June 2013 08:38 PM

අරාබි වසන්තය වටේම යනවා වගේ .(නදී)

:       0       0

වරුණ Wednesday, 26 June 2013 07:55 AM

බ්‍රසීල ජනාධිපතිතුමිය මේ වගේ තීන්දුවක් ගත්තු එක හොදයි (නි)

:       0       0

පද්මා Tuesday, 25 June 2013 12:26 PM

ඔබේ රටෙත් ඉන්නේ සංස්කෘතික පුරාජේරු වලින්, ඉතිහාසය ගැන මානෙන්, රට ගැන හදවතින් හිතන, මාන්නෙන් සහ ඉච්ඡා බංගත්වෙන් පිරුණු ආගම්වාදී රටවැසියෝද? එහෙම නම් වැඩේ ලේසියි.කරන්න තියෙන්නේ එයාලා කැමති මාතෘකාවක් ගැන ඇමරිකාවට බනින ගමන් ඔද වඩවන එක. (නි)

:       0       0

නන්දන Wednesday, 26 June 2013 09:44 AM

අපේ රටට අරාබි වසන්තයක් කවදා එවිදෝ.(නදී)

:       0       0

අපොන්සු Tuesday, 25 June 2013 01:34 PM

කහින කට්ටියක් ලෑස්ති කරගන්න බැරිවෙලා වගේ. (අ)

:       0       0

ලසන්ත Tuesday, 25 June 2013 10:31 AM

විරෝදතා කරුවෝ හමු උනහම කියන්න ඕනා ටොම් පච, අන්දන්ට ඕන විදිය අපේ අය හමුවෙලා අහගන්ට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1703 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site