IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වැරැදි හදන පෑනක් ජර්මනියේ

අතින් ලිවීමේදී සිදු වන වැරදි පරීක්‍ෂා කිරීම සඳහා ජර්මන් ජාතිකයෝ දෙදෙනෙක් විසින් විශේෂ පෑනක් හඳුන්වා දෙති. ලන්ස්ට්ෆ්ට් ලෙස හඳුන්වා දී ඇති මේ පෑන ලිවීමේදී අක්ෂර වින්‍යාසයේ හෝ ව්‍යාකරණ දෝෂයක් සිදු වූ විට කම්පනය වේ.

පෑනෙහි භාෂා 40ක පමණ වැරදි හඳුනාගත හැකි මෘදුකාංග යොදා නිර්මාණය කර ඇති නිසා එය අලූත් භාෂා ඉගෙන ගැනීමටද යොදා ගත හැකි බවත් කියති.

එසේම මෙය වයිෆයි ජාලයක් හරහා ස්මාට් දුරකථනයට හෝ පරිඝණකයට සම්බන්ධ කර සමාජ ජාල වෙබ් අඩවි වල අකුරු ලිවීමත්, ඒවා බෙදා හැරීමත් සෘජුවම සිදුකළ හැක.

ෆෝක් වොස්කි සහ ඩැනියෙල් කෙස්මැක විසින් නිර්මාණය කරන ලද ලන්ස්ට්ෆ්ට් ළමයින් සහ වැඩිහිටියන්ට ලිවීම, අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ කුසලතා වැඩි දියුණු කර ගැනීමට භාවිතා කළ හැකි බව සඳහන්වේ.



අදහස් (0)

වැරැදි හදන පෑනක් ජර්මනියේ

උපාලි Monday, 19 August 2013 09:22 AM

ධම්ම, ඔබ එහෙම හිතනවද? කවුරුත් ඇත්ත කියන, හැම දේටම එකඟවෙන ලෝකයක් හරිම කම්මැලි තැනක් වෙයි නේද? (ස)

:       0       0

රෙමා Friday, 16 August 2013 11:59 PM

පෑනේ ගණන කීයක් වෙයිද දන්නේ නැහැ. මටත් එකක් ගන්න (නි)

:       0       0

චමත් Wednesday, 21 August 2013 07:37 PM

එතකොට වචනේ කටින් පිටවෙලා ගිහින් ඉවරයිනේ? හැදුවට වැඩක් නෑ(අ)

:       0       0

දසුනි Saturday, 17 August 2013 01:28 AM

විභාග ලියන්නත් පුලුවන්ද? මරුනේ.(නදී)

:       0       0

ධම්ම Saturday, 17 August 2013 01:45 PM

කටින් පිටවෙන වචනවල වැරදි හදන්න උපකරණයක් හැදුවොත් මේ ලෝකය බොහෝ සාමකාමී තැනක් වේවි.(නදී)

:       0       0

සුරේෂි Sunday, 18 August 2013 09:43 PM

අනේ ඕක ලංකාවේ අපටත් ඉක්මනටම එවන්නකෝ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site