මත්කුඩු ජාවාරමක් ගැන තම මිතුරියකට දැනුම්දීම සදහා යැවූ කෙටි පණිවුඩයක් නොම්මරය වැරදී පොලිස් නිළධාරියකුට ලැබීමෙන් ඒ තොරතුරු ආශ‍්‍රයෙන්
මත්කුඩු ජාවාරම්කාරිනියක බෙල්ලෙන්ම අල්ලා ගැනීමට ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ නෙවාඩා පොලිසිය සමත්ව ඇත.
ජෙසී මුලිගන් නම් මේ කාන්තාව තම මිතුරියක සමග මත්කුඩු ‘‘සුව‘‘ ලැබීමට කතිකා කර ගැනීමට යැවූ කෙටි පණිවුඩය වැරදීමකින් ලැබුණු පොලිස් නිළධාරියා මැයව අල්ලා ගන්නෙමියි සිතා ඇය සමග කෙටි පණිවුඩ වලින් අය සමග සංවාදයේ යෙදී සිට තිබෙන්නේ ඇයගේ මිතුරිය ලෙස පෙනී සිටය.
හමුවීමට ස්ථානයක් යෝජනා කර ගත්තායින් පසු එතැනට පැමිණි ජෙසී පිළිගනු ලැබ ඇත්තේ පොලිස් නිළධාරීන්ය.
තමන් දුටු ඇය පුදුමයෙනුත් පුදුමයට පත්වූ බව පොලිස් නිළධාරීන් කියයි.
අත්අඩංගුවට ගත් ජෙසී දැන් සිටින්නේ අධිකරණය හමුවට පැමිණවෙන තෙක්ය.ඇයට එරෙහිව නැගී ඇති චෝදනා වලට වැරදිකාරිය වුවහොත් ඇයව සිරගත කෙරෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd