IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


වර්ගවාදය - පොලිස් ප්‍රචණ්ඩත්වය ගැන මානව හිමිකම් කවුන්සිලයේදී විවාදයක්

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රමානුකූලව සිදුවන වර්ගවාදී ක්‍රියාකාරකම්, පොලිස් ප්‍රචණ්ඩත්වය සහ සමාකාමී විරෝධතාවලට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය යන කාරණා විවාදයට ගන්නා බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අද (15) නිවේදනය කළේය.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඒ සම්බන්ධයෙන් විවාදයක් බදාදා පැවැත්වෙනු ඇත.

බුර්කිනා ෆාසෝ රාජ්‍ය පසුගිය සතියේදී කළ ඉල්ලීමක් සලකා බලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එම තීරණය ගෙන ඇත. අප්‍රිකානු රටවල් වෙනුවෙන් බුර්කිනා ෆාසෝ රාජ්‍ය පසුගිය සතියේදී අදාළ ඉල්ලීම කළේය.

‘‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය එක් හුදෙකලා සිදුවීමක් නෙමෙයි’’ යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

අල්ජසීරා

055

 



අදහස් (2)

වර්ගවාදය - පොලිස් ප්‍රචණ්ඩත්වය ගැන මානව හිමිකම් කවුන්සිලයේදී විවාදයක්

Wca Tuesday, 16 June 2020 12:11 AM

ඔවුන්ට විවාද,... එයා මෙහෙ මැරුණා නම් මෙලහකට සම්බාධක දාලා...

:       0       17

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 16 June 2020 03:38 AM

කොටි ත්‍රස්තයන් මේ සුන්දර රට මහා ඛේදවාචකයක් බවට පත්කළ අවධියේදී ලොව බලවත් රටවල් අපට අවාසි වෙන ආකාරයට කොටින්ට පක්ෂපාතී තීන්දු තීරණ වලට එළඹුනා අපට හොඳහැටි මතකයි. අද ඒවා ඔවුන්ටම පාරා වළල්ලක් වී ඇති අයුරු සැබැවින්ම පුදුම සහගතය. මෙහි තවත් පැත්තක් හා සම්බන්ධ අත්දැකීම් ගැනද මාහට සිහිවේ. එදා රටේ භීෂණය මැවූ කොළ රතු ත්‍රස්තවාදයේ දී,වධකාගාර තුළ අමානුෂික වද හිංසා වලට ලක්ව ජීවිතය අහිමිවීමට ඔන්න මෙන්න කියා තිබියදී, සුදු ජාතික බුද්ධිමතුන්ගේ මානුෂික බව නිසා බේරුණු රතු ජීවිත බොහෝය. මාගේ මතය රතු කොළ නිල් නොවුනත්,රතු ජීවිත බේරාගැනීමට මා ද,සුදු ජාතිකයන් හට උපකාර කළ බව පවසනුයේ සතුටිනි. ඒත්,රතු පක්ෂ එය නොදැන ජාත්‍යන්තර ගැන ඒක පාර්ශ ලෙසින් බැලීම කණගාටුවකි.කොයි දේකත්,හොඳ නරක දෙකම දැකිය යුතුයි.

:       4       113

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site