ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රමානුකූලව සිදුවන වර්ගවාදී ක්‍රියාකාරකම්, පොලිස් ප්‍රචණ්ඩත්වය සහ සමාකාමී විරෝධතාවලට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය යන කාරණා විවාදයට ගන්නා බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අද (15) නිවේදනය කළේය.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඒ සම්බන්ධයෙන් විවාදයක් බදාදා පැවැත්වෙනු ඇත.
බුර්කිනා ෆාසෝ රාජ්‍ය පසුගිය සතියේදී කළ ඉල්ලීමක් සලකා බලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එම තීරණය ගෙන ඇත. අප්‍රිකානු රටවල් වෙනුවෙන් බුර්කිනා ෆාසෝ රාජ්‍ය පසුගිය සතියේදී අදාළ ඉල්ලීම කළේය.
‘‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය එක් හුදෙකලා සිදුවීමක් නෙමෙයි’’ යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
අල්ජසීරා
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ට විවාද,... එයා මෙහෙ මැරුණා නම් මෙලහකට සම්බාධක දාලා...
කොටි ත්‍රස්තයන් මේ සුන්දර රට මහා ඛේදවාචකයක් බවට පත්කළ අවධියේදී ලොව බලවත් රටවල් අපට අවාසි වෙන ආකාරයට කොටින්ට පක්ෂපාතී තීන්දු තීරණ වලට එළඹුනා අපට හොඳහැටි මතකයි. අද ඒවා ඔවුන්ටම පාරා වළල්ලක් වී ඇති අයුරු සැබැවින්ම පුදුම සහගතය. මෙහි තවත් පැත්තක් හා සම්බන්ධ අත්දැකීම් ගැනද මාහට සිහිවේ. එදා රටේ භීෂණය මැවූ කොළ රතු ත්‍රස්තවාදයේ දී,වධකාගාර තුළ අමානුෂික වද හිංසා වලට ලක්ව ජීවිතය අහිමිවීමට ඔන්න මෙන්න කියා තිබියදී, සුදු ජාතික බුද්ධිමතුන්ගේ මානුෂික බව නිසා බේරුණු රතු ජීවිත බොහෝය. මාගේ මතය රතු කොළ නිල් නොවුනත්,රතු ජීවිත බේරාගැනීමට මා ද,සුදු ජාතිකයන් හට උපකාර කළ බව පවසනුයේ සතුටිනි. ඒත්,රතු පක්ෂ එය නොදැන ජාත්‍යන්තර ගැන ඒක පාර්ශ ලෙසින් බැලීම කණගාටුවකි.කොයි දේකත්,හොඳ නරක දෙකම දැකිය යුතුයි.