ලොව වයස්ගතම පියා ලෙස වාර්තා තැබූ රාම්ජිත් රගාව්ගේ (97) අවුරුදු 3ක් වයසැති වැඩිමහල් දරුවා වික‍්‍රමජීත් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.
දරුවා මීට දින කිහිපයකට පෙර මව සමග බෙහෙත් ගැනීමට රෝහලට යන අතරතුර මේ සිද්ධියට මුහුණ දී තිබේ. මහන්සිය නිසා ඇයට බසයේ නින්ද ගිය බවත් විනාඩි 15කින් පමණ ඇහැරී බලන විට ඇයගේ අතේ සිටි දරුවා නොසිටි බවත් ඇය පැවසුවාය. දරුවා කවුරුන් හෝ පැහැරගෙන ඇතැයි ඔවුන් සැක පළ කරයි.
දරුවාගේ අතුරුදහන් වීමත් සමග ඔවුන් ඉතා අසරණ වී ඇති බව සදහන්ය. ”අපි එයාව හැමතැනම හොයනවා. මම අසරණ වෙලා. එයා අපේ පළමු දරුවා. අපිට ඔහු නැතිවෙච්ච දවසෙ ඉදන් කෑමක් නෑ. නිදාගත්තෙ නෑ. මම ඔහු ගැන බයයි.” යනුවෙන් රගාව් පවසා ඇත. දරුවා ලැබෙන තුරු ඔහුට සැනසිල්ලේ මැරණයට පත්විය නොහැකි බවත් ඔහු පවසයි.සෑම පොලිසියක්ම දරුවා ගැන සෝදිසියෙන් සිටින බවත් ඔහු සොයා ගැනීමට උපරිමයෙන් වෙහෙසෙන බවත් දිල්ලි පොලීසිය පවසා ඇත.
රගාව් ලොව වයසුගතම පියා ලෙස වාර්තාගත වූයේ පසුගිය ඔක්තෝබර් මාසයේ ඔහුට අවුරුදු 96දී ඔහුගේ බිරිද සකුන්තලා ඔවුන්ගේ දෙවන දරුවා රන්ජීත් (මාස 9) බිහි කිරීමෙන් පසුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවාව සත්‍ය පියා ගෙනියන්න ඇති ! (අ)
වැඩේ නම් කැතයි හැබැයි හැබැයි ඉතින් තව බබෙක් හදන්න අන්කලට වයස තියෙනවා. අරින්න එපා තව පාරක් ට්‍රයි කරන්න.(නදී)
චික් සමහරක්.(නදී)
සම්පත් නිවැරදියි (නි)
ඒක නම් මටත් හිතෙනවා සඳරුවන්. මම රාම් ගෙන් කලින්ම ඇසුවා දරුවා එයාගේ කියලා විශ්වාසද කියලා.(නදී)
මුළු මහත් ලෝකයම බොරුවෙන් වැහිලා. ඒ අතරින් සත්‍ය ප්‍රකාස කිරීම වරදක් නෙමෙයි. එයයි විය යුත්තේ, එහෙම අයත් මුතු මැණික් වගේ දුර්ලභයි.(නදී)
රට කුමක් වුවත් මිනිසෙක් අසරණ උනමවත් ඔය වගේ පහත් විහිළු කොමෙන්ට්ස් දැමීමෙන් වලකින්න. (අ)
උණ හපුළුවගෙ දරුවා උණහපුලුවට ලොකුයි.(නදී)
කාගේ උනත් දරුවෙක්නේ.(නදී)