මොටර්රථ පදවන ලෝකයේ වයස්ගතම රියැදුරා වන්නේ නවසීලන්තයේ පදිංචි බෝඩ් එඩ්වට්ය .වයස අවුරුදු 105 කි. වසර 88 ක් ම මොටර් රථ පදවයි. ඔහු රියැදුරු බලපත්‍රය ගත්තේ 1925 දී ය.
සතියකට දින තුනක් ඔහු තම මිටිසුබිසි වර්යේ මොටර් රථයෙන් ගොස් ගෙදරට අවශ්‍ය කෑම බීම රැගෙන එයි. බිරිදගේ වයස අවුරුදු 91 කි. ඇයටත් උයා පිහා දෙන්නේ එඩ්වට්ය.
හැමදාම උදේට අවදි වී ශාරීරික ව්‍යායාම්වල යෙදෙන එඩ්වට් කියන්නේ .‘‘මම තවමත් තරුණයි‘‘ යන්නයි.
ලෝකයේ වයස්ගතම රියදුරා ලෙස මෙතෙක් ගිනස් වාර්තා පිහිටුවා ඇත්තේ 108 හැවිරිදි ඇමෙරිකා ජාතික ප්‍රෙඩ් ග්‍රේල්ය.එඩ්වට්ගේ බලාපොරොත්තුව ඒ ගිනස් වාර්තාව බිද දැමීමය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සය නවසිලන්තේ ඉන්න නිසා හොන්දයි, අපේ රටේ වයස අවුරුදු 50 මනුසයෙකුටත් ප්‍රයිවට් බස් රියදුරන් නිසා වහනයක් පාරේ පදවාගෙන යන්න අපහසුයි.(ස)
පින්වන්ත,වාසනාවන්ත මනුස්සයෙක්! නීරෝග සම්පත් ලැබේවා! (නි)
මෙන්න නියම මිනිස්සු. මේ තමයි නියම වැඩිහිටියෝ. (නි)
ඔබට තව තවත් දීර්ඝායුෂ අත් වේවා ! ඔබගේ බලාපොරොත්තු සියල්ලක් ඉටුවේවා.(නදී)
ඔබට තුනුරුවන් සරණ ලැබේවා. තවත් බොහෝකල් ජීවත්වීමට වාසනාව උදාවේවා.(නදී)
එඩ්වඩ් මාමගේ නිරෝගී කමත්, චිත්ත ධෛර්‍ය ගැනත් ලොකුම ආඩම්බරයක් ඇතිවෙනවා. අපේ රටෙත් 100 පැනපු මාමලා , ආච්චිලා ඉන්නවා. කෙසේ හෝ ගිනස් වාර්තාව තැබීමට මාමාට වාසනාව හා නිදුක් නිරෝගී දිගාසිරි ඉත සිතින් පතමි.(නදී)
ඔබට දිගාසිරි! (නි)