ඊශ්‍රායලයේ ටෙල් කබ්රිහි කරන ලද කැණීමකින් අවුරුදු 3700 ක් පමණ පැරණි වයින් ගබඩාවක් හමුවී ඇතැයි ඇමෙරිකා හා ඊශ්‍රායල් පුරාවිද්‍යාඥයෝ පරිසක් පවසති. ඔවුන් පවසන්නේ මේ ගබඩාවේ ලීටර 50 බැගින් පිරවිය හැකි බුලි 40 ක් සොයාගත් බවයි. ඒ බුලි කිහිපයක තවමත් පැරණි වයින් ඉතිරිව ඇත.
බුලිවල ඉතිරිව තිබූ ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ වයින් සෑදීමට පැණි, මිංචි (සුවඳතලා) සහ කුරුඳු යොදාගෙන ඇති බවයි. එම ද්‍රව්‍යවලට අමතරව මිදි හා බෙරි වර්ග යොදාගෙන ඇති බවට ද සාධක හමුවෙයි. වර්තමානයේ පවා වයින් නිපදවීමට යොදා ගන්නා සිට්රික් හා ටාටරික් අම්ල මේ වයින්වලින් හමුවූ බව ඒ ගැන විශ්ලේෂණය කළ විද්‍යාඥයෝ කියති.
ටෙල් කබ්රි නම් ස්ථානය සති හයක් පුරා දිවා රෑ නොබලා කරන ලද කැණීමක දී මේ වයින් ගබඩාව සොයාගෙන ඇත. මහාචාර්ය එරික් ක්ලීන් පවසන්නේ ඔවුන්ට මුළින්ම අඩි තුනක් දිග බුලියක් හමුවූ බවයි. එතැන කැණීමේ දී වර්ග අඩි 375 ක් වන කාමරයක ගබඩා කැර තිබූ බුලි 50 ක් හමුවූ බවත් ඔහු කියයි.
මහාචාර්ය ක්ලීන් මෙසේ ද කීවේය.
මෙය පුදුමාකාර සොයා ගැනීමක්. අපි දිවා රෑ නොබලා වෙහෙසවී කටයුතු කළා. මේ බුලි සහ වයින් වල වයස අනුව මෙය ඇදහිය නොහැකි සොයා ගැනීමක්. දැනට මේ ප්‍රදේශයේ අක්කර 75 ක පමණ කැණීම් කැර තිබෙනවා. දැනට අපිට හමුවූ වයින් ප්‍රමාණය වර්තමාන වයින් බෝතල් 3000 ක් පිරවීමට ප්‍රමාණවත් වනවා.
මේ වයින් පිළිබඳ පර්යේෂණ කළ ආචාර්ය ඇන්ඩෘ කෝ පවසන්නේ මෙවැනි වයින් අතීත ඊජිප්තුවේ අදින් වසර 2000ට පමණ පෙරාතුව භාවිතා කළ බවයි. කෙසේ වෙතත් ඔහුගේ මතය වී ඇත්තේ මේ වයින් යළි නිපදවීමට හැකි බවයි. මෙම වයින් වැදගත් අමුත්තන්ට පිළිගැන්වීම සඳහා පිළියෙල කැර තබන්නට ඇතැයි ආචාර්ය යූසූර් පවසයි.
වයින් ගබඩාව දොරවල් දෙකකින් සමන්විත වූ බව ද දැනට නටඹුන් වී ඇති පැරණි භෝජනාගාරයක් අසළ මේ ගබඩාව තිබී ඇතැයි ද පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. භෝජනාගාරයත් වයින් ගබඩාවත් දෙකම එකම ආකාරයෙන් විනාශ වී ඇති බවත් ඊට හේතුව භූමිකම්පාවක් විය හැකි බවත් ඔවුහු කියති.
හීබෘ බයිබලය අනුව මෝසෙස් කුරුඳු වර්ග දෙකක් පාවිච්චි කළැයි ඉතිහාසය කියයි. ක්‍රිස්තු පූර්ව දෙදාහේදී ඊජිප්තුවට කුරුඳු ආනයනය කළ බව අද ලොව කුරුඳු අපනයනය අතින් ශ්‍රී ලංකාව කීර්තිමත් ස්ථානයක් හිමි කරගෙන සිටී.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන්යානයේදී බොන්න අපිටත් ඕව එවන්න ? යානය කඩා වැටුනත් දුක නෑ වෙරි මතේ ! (අ)
නිසැකවම අමරණීය සොයා ගැනීමක්. (නදී)
මට ටිකක් ගෙන්න ගන්න බැරිවෙයිද දන්නේ නැහැ. කීය උනත් කමක් නැහැ. කමක් නැහැ එහෙනම් කොහොම හරි කුරුදු වයින් හදන්නකො (අ)
ඇත්තටම මෙතන දියර වයින් හම්බවෙලා නෑ.. විද්‍යාඥයො කියල තියෙන්නෙ මෙතන වයින් ලීටර 2000ක් විතර තිබිල තියෙනව කියලයි. හමුවෙලා තියෙන්නෙ කැඩීගිය බඳුන් සහ වියලී ගිය වයින් මන්ඩි විතරයි. අර හමු උනා කිව්ව දොරවල් දෙක දකුණට සහ බටහිර දිශාවන්ට යොමු වෙලා තියෙනවලු. ඒවත් බොහෝ දුරට තවත් ගබඩා වලට යොමු වෙලා ඇති කියලයි කියන්නෙ. ඒව ගැන පරීක්‍ෂණ කරල ඉවර වෙන්නෙ 2015 දි ලු. (අ)
වඩේ පොසිල හම්බ වුනා නම් තමා කෙලිය. නිජබිම් කිය කිය අර තමිල්නාඩු හැත්තගෙන් බේරිල්ලක් නැතිවෙයි.. (අ)
මිනිසාගේ මධුපානයේ භාවිතය කොතරම් අතීතයකට දිව යනවාද? (නි)
මිනිසා කෑමෙන් පමණක් ජිවත් නොවේ කියලා පැවසුවේ ඇයි කියලා දැන් මට තේරෙනවා (නි)
ඒ කියන්නේ වසර 3700 කටත් එහා අපේ රටේ කුරුඳු වවන්න තරම් දියුණු මිනිසුන් ඉඳලා තිබෙනවා. (නි)
දැන්වත් පිළිගන්න ඊශ්‍රායල් රටට අවුරුදු 4,000 ට වඩා පැරණි ඉතිහාසයක් ඇති බවත්, ඊශ්‍රායල් ජාතිකයන් මේ භුමියේ ඔවුන්ගේ දේශය ලෙස ජීවත් වූ බවත්. (නි)
මේ ප්‍රවෘත්තිය කියවන කොටත් ටිකක් වෙරි වේගෙන එනවා වගේ දැනෙනවා. (අ)
ඊශ්‍රායල් ජාතිකයන් විශිෂ්ටයි. (ස)
සමන් ලංකාතිලක ඔබට ස්තුතියි. චින්තක හොදට කියවා බලා පිළිතුරු ලියන්න (නදී)
බුදුන් දවසත් මේවා නිපදවා ඇති නිසා වෙන්න ඇති එය පන්සිල් පද පහට එක්වෙන්න ඇත්තේ (නි)