උතුරු වියට්නාමයේ කඳුකර පළාත්වල හටගත් ජල ගැලීම්වලීම් සහ නායයෑම්වලින් පුද්ගලයන් 21 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 30 දෙනකු පමණ අතුරුදන්ව ඇති බවත් එරට බලධාරීහු පවසති.
ජල ගැලීම් හේතුවෙන්, කඳුකරබද පළාත්වල නිවාස 80 ක් මෙන්ම වගාබිම් හෙක්ටයාර් 1,700 ක් ද විනාශ වූ බව ආපදා කළමණාකරණ දෙපාර්තමේන්තුව කියා සිටී.
නායයෑම් හේතුවෙන් අතුරුදන් වූවන් සොයා සහන සේවා ඇරැුඹී ඇති බවත් වාර්තා වේ. නායෑම් හටගත් පළාත් සංචාරකයන් නිතර ගැවසෙන පළාත් බව ද වාර්තා වේ. එබැවින් සංචාරකයන් ද ආපදාවන්ට ලක් වී ඇතැයි ද පැවැසෙයි.
ඉකුත් වසරේ වියට්නාමයේ සිදුවුණු ජල ගැලීම්වලින් පුද්ගලයෝ 250 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි.(නදී)