ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, ඇට්කොනා නමැති කුඩා ගම්මානයේ වැසියන් උදෑසන අවදි වූයේ මහත් පුදුමයෙන් සහ කලබලයෙන් යැයි ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින්, ඬේලිමේල් වෙබ් අඩවිය පවසයි.
ගම් වැසියන් පුදුමයටත් කලබලයටත් පත් වූයේ , නිවසක තාප්පයක් මත දැවැන්ත ව්‍යාඝ්‍රයකු සැතපී සිටිනු දැකීමෙනි. ව්‍යාඝ්‍රයා ඊට පෙර දින ගම්මානයේ එම නිවසකට ඇතුළු වී නිදාගෙන සිටි බව ද පසුව අනාවරණය විය. එය ගම්වැසියන් භීතියට පත් කිරීමට හේතුවක් ද විය.
කෙසේ නමුත්, ව්‍යාඝ්‍රයා කිසිදු කලබලයක් නොමැතිව, තාප්පය මත සැතපී සිටි බැවින්,ලොකු කුඩා බොහෝ දෙනකු නිවස වටා එක් රොක් වූයේ ව්‍යාඝ්‍රයා නැරැඹීමටය.
සිද්ධිය සැලවීමෙන් පසු, වන ජීවී නිලධාරීන් කණ්ඩායමක් ද ලහිලහියේ එහි පැමිණ ඇත.
ඌ ඇට්කොනා ගම්මානයට නුදුරින් පිලිබිත් දිස්ත්‍රික්කයේ ව්‍යාඝ්‍ර රක්ෂිතයේ සිට ආ ව්‍යාඝ්‍රයෙකි. අවුරුදු දෙකක් පමණ වයසැති ව්‍යාඝ්‍රයා, ව්‍යාඝ්‍ර ධේනුවක බව වන ජීවී නිලධාරීහු පසුව පැවැසූහ.
නිර්වින්දනය කිරීමෙන් පසු, තුවාලවලට බෙහෙත් දමා, ව්‍යාඝ්‍ර ධේනුව වනරක්ෂිතයට මුදා හැරීමට වන ජීවී නිලධාරීහු පියවර ගත්හ.
Daily Mail
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ව්‍යාඝ්‍රයා බලන්න බුරුතු පිටින් ඇවිල්ලා