
‘වඳුරු උණ’ වයිරසය ආසාදනය වීම වැළැක්වීමට ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත සියයට 100 ක් සාර්ථක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියකු වන රෝස්මන්ඩ් ලුවිස් පැහැදිලි කරයි.
‘වඳුරු උණ’ යනු පැපොල සහ වසූරිය අතර මැද වයිරසයකි. එහෙයින්, ‘වඳුරු උණ’ ආසාදනය වැළැක්වීමට ලබා දෙන්නේ වසූරිය සඳහාත්, පැපොල සඳහාත් නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්ය.
‘වඳුරු උණ ආසාදනය වැළැක්වීමට රටවල් කීපයක (ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල්) ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සිදුවෙනවා. එසේ එන්නත් ලබාගත් පුද්ගලයන්ටත් වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව, ලබා දෙන එන්නත් සියයට 100 ක් සාර්ථක නැහැ’ යැයි රෝස්මන්ඩ් ලුවිස් පෙන්වා දී තිබේ.
අසාමාන්‍ය ආකාරයට ‘වඳුරු උණ’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින්නේ, වයිරසය දැඩි ලෙස විකෘතිකරණයට ලක්වී ඇති බැවින් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ. මේ වනවිට රටවල් 92 කට වයිරසය ව්‍යාප්ත වී ඇති අතර ලොව පුරා ආසාදිතයන් 35,000 ක් හමුවී ඇත. මරණ වාර්තා වන්නේ 12 ක් ලෙසය.
මේ අතර, ප්‍රංශයේ පැරිස් අගනුවර, ‘ග්‍රේ හවුන්ඩ්’ වර්ගයේ සුරතල් බල්ලකුට ‘වඳුරු උණ’ වයිරසය ආසාදනය වීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන විමසිල්ලෙන් පසුවන බව ද පැවැසෙයි.
‘වඳුරු උණ’ වයිරසය මනුෂ්‍ය ආසාදිතයකුගෙන් සතකුට ව්‍යාප්ත වුණු පළමු අවස්ථාව මෙයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ගැන විමසිලිමත් වන්නේ මනුෂ්‍යයන්ගෙන් සුරතල් සතුන්ට ආසාදනය වන වයිරසය යළි සුරතල් සතුන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වුවහොත් එය බිහිසුණු විකෘති ස්වරූපයක් ගනු ඇතැයි අනුමාන කිරීමෙනි.
ප්‍රංශයේ ‘වඳුරු උණ’ ආසාදිත බල්ලාගේ හිමිකරුවන් සමලිංගික පිරිමි යුවළකි. ඔවුන් දෙදෙනාටම වයිරසය ආසාදනය වී ඇත. ඇමෙරිකන් වෛද්‍යවරුන් පවසන ආකාරයට, ‘වඳුරු උණ’ සමලිංගික පිරිමින් අතරේ වැඩිපුර ව්‍යාප්ත වන වයිරසයකි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
439
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1033
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘වඳුරු උණ’ට දෙන එන්නත සියයට 100 ක් සාර්ථක නැහැ
sharm warn Thursday, 18 August 2022 04:34 PM
මෙහෙත් ඉන්නවා වඳුරන් ගොඩක්.. අර දියවන්නාවේ හරක් පට්ටියේ... ඔවුන්ට හැදුණොත් නම් වෛරසයත් හොල්මන් වෙලායයි... ඊළඟ විකෘති ප්‍රභේදය ගැන හිතලාම...