විදුලිය සමග ‘‘සෙල්ලම්‘‘ කළ හැකි මිනිසෙක් ඉන්දියාවේ සිටී.
 

රාජ් මොහාන් ඉන්දියානුවන් විසින් හදුන්වන්නේ ‘‘විදුලි මිනිසා‘‘ ලෙසය.ඒ ඇදැහිය නොහැකි වුවත් සත්‍ය ලෙසම ඔහු විදුලිය සමග දක්වන ශිල්ප නිසාය.සාමාන්‍ය මිනිසෙකු මරුමුවට පත්කිරීමට සෑහෙන විදුලි බල ධාරාවක් රාජ්ට සුළු තිගැස්මක් පවා ඇති නොකරයි.විටෙක සජීවී විදුලි රැහැන් සිය දෙඅතින් අල්වා ගන්න හෙතෙම තමාට විදුලිය වද්දවා ගනී
 

අවට සිටියවුන් කම්පාවෙන් බලා සිටියද රාජ් සිටින්නේ සිනාමුසුවය.ඔහුට කිසිම ආකාරයක හානියක් සිදු නොවේ.තවත් වරෙක ඔහු සිය සිරුරද ‘‘විදුලි රැුහැනක්‘‘ කර ගනී.සිරුර ඔස්සේ විදුලිය ගමන් කරවා ගන්නා ඔහු බල්බ,විදුලි උදුන් ආදී උපකරණ කි‍්‍රයාත්මක කර පෙන්වයි.කුමන සෙල්ලම දැමුවත් ඔහු පණ පිටිනි.

රාජ්ගේ මේ විස්මය ජනක හැකියාවට හේතු සොයා සිදුකළ පර්යේෂණයන් වලදී අනාවරණයව ඇත්තේ ඔහුගේ සම සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා දස ගුණයකින් පමණ විදුලියට ප‍්‍රතිරෝධී වන බවයි.මෙනිසා වෙනත් මිනිසෙකු ක්ෂණිකයෙන් මරණයට පත් කළ හැකි විදුලි ධාරාවක් රාජ්ට කිසිදු ආකාරයක හානියක් සිදු නොකරයි.ඉතා ඉහළ ප‍්‍රබලතාවයකින් යුත් විදුලි ධාරාවක් පවා රාජ්ට කිසිදු හානියක් සිදු නොකරයි.
 

රාජ් හට සිය හැකියාව අනාවරණයව ඇත්තේද අමුතුම ආකාරයකටය.කුඩා කලදීම ඔහුට සිය දෙමව්පියන් අහිමිව ඇති අතර දුකට පත්වූ කුඩා රාජ් උත්සාහ කර ඇත්තේ පාරේ වූ අධිබල විදුලි රැහැන් ගෙනයන කණුවක් මතට නැගී විදුලිය වද්දවාගෙන සියදිවි නසාගැනීමටයි.එහෙත් කොතෙක් විදුලි රැහැන් ස්පර්ෂ කළත් පළක් නොවූ තැන තමන්ට විදුලිය නොවදින බව ඔහු තේරුම්ගෙන තිබේ.
 

මෙය දෙවියන් දුන් දායාදයක් බව රාජ් පවසයි.තමන්ගේ ජීවිකාව සරිකර ගැනීමට දැන් උදව් වන්නේ තමන්ගේ මේ හැකියාව බව ඔහු කියයි.