හැකියාවන් පෙන්වීමට ගොස් භූගත නළයක් තුළ සිරව සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට චීන සහන සේවකයෝ පිරිසක් සමත්වූහ.
මෙම නළය චීනයේ සිෂි ප‍්‍රදේශයේ භූගත විදුලි රැුහැන් ගෙන යන්නකි.ප‍්‍රදේශයේ ඇතිවූ විදුලි බල ඇණහිටීමකට හේතු සෙවීමට පැමිණි විදුලි බල සේවකයින් පිරිසකට මෙම පුද්ගලයාව මුලින්ම හමුව තිබේ.නළය පොළව මතුපිටට මතුවන දොරටුව විවෘත කළ විටදී නළයේ නිදා සිටි මේ පුද්ගලයා ඔවුන් දැක ඇත.
නොනවත්වාම තමන් ‘‘වදුරු රජා‘‘ බැව් කියමින් තමන්ගේ නම්‍යශීලීභාවය ගැන ස්වයංවර්ණනාවක් කරගනිමින් සිටි මේ පුද්ගලයා පිටතට ගැනීමට සේවකයන් පිරිස කොතෙක් උත්සාහ කළද ‘‘වදුරු රජා‘‘ නළයේ හොද හැටි සිරවී සිට ඇති බැවින් උත්සාහය අසාර්ථක වී ඇත.අවසන ඔවුන් කර ඇත්තේ සහන සේවකයන් කැදවීමයි.සහන සේවකයන්ටත් මේ පුද්ගලයා පිටතට ගැනීමට හැකිව ඇත්තේ පොළව කැණ නළය පොළව මතුපිටට ගෙන එය කඩා මහත් පරිශ‍්‍රමයක් දරාය.
වදුරු රජා යනු චීන වීර කතාවක එන එක් චරිතයක් බව සදහන්ය.
සොයාගන්නා විට සිටි තත්ත්වය අනුව මේ පුද්ගලයා දින කිහිපයක් මේ ආකාරයට නළයේ සිරව සිටින්නට ඇතැයි සැක කෙරේ.
දැන් ‘‘වදුරු රජා‘‘ සිටින්නේ රෝහල් ගතවය.තවත් ප‍්‍රමාද වූයේනම් වැඩපෙන්වීමට ගොස් ‘‘වදුරු රජා‘‘ට දෙව්ලොව යෑමට හැකියාව තිබුණේයැයි කියන්නේ වෛද්‍යවරුන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරි වැඩ කරන්න යනවාට කරන්නද (දී)
මේ වගේ වැඩ වලට චීන්නු කොහොමත් දක්ෂයි (නි)
මෝඩ කමට බෙහෙත් නැතිලුනේ.(නදී)
කාලා නිකන් ඉන්න බැරි අය.(නදී)