ලෝක වාර්තාවක් තැබීමට ඝණ වීදුරු පැනල 10 ක් පසා කරගෙන පැනීමට ගිය ඇමරිකා ජාතික කරණම්කරුවකුගේ බෙල්ල තුවාල කැර ගත්තේය.

‘‘ජීසස් විල්ලා‘‘ නම් වන මේ කරණම්කරුවා ලෝක වාර්තා දෙකක හිමිකරුවෙකි . තම තෙවන වාර්තාවට හිමිකම් කීමට ඔහු මෙම උත්සාහය දරා ඇත්තේ ප‍්‍රසිද්ධියේය.

පළමු වීදුරු පැනලය කැඩීමේදී ඔහුගේ උත්සාහය අසාර්ථක විය.

දැන් විල්ලා උත්සාහ කරමින්  සිටින්නේ තම අරමුණ මුල් කැරගෙන අරමුදලක් පිහිටුවා  යළිත් පිම්ම පැනීමටය.