IMG-LOGO

වෛද්‍යවරුන් ප්‍රතිකාර නොකිරීමෙන් ආසාදිත කළු ජාතික වෛද්‍යවරිය මිය යයි

ඇමරිකාවේ උතුරු දිග ඉන්දියනා පොලිස් ප්‍රදේශයේ කළු ජාතික වෛද්‍යවරියක් කොරෝනා වැළදීම හේතුවෙන් මියගොස් ඇත.

මියයෑමට පෙර  ඇය පවසා ඇත්තේ කළු ජාතිකයකු වීම හේතුවෙන් අවශ්‍ය ප්‍රතිකාර නොලැබුණ බවයි.

සුසාන් මූරි නම් 52 හැවිරිදි මෙම වෛද්‍යවරිය ප්‍රාදේශීය රෝහලකදී මියගොස් තිබේ.

මුලින් ප්‍රතිකාර ලැබූ ඉන්දියනා විශ්ව විද්‍යාල රෝහලේදී නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණ බවට ඇය චෝදනා කර ඇත. ඇය පවසා ඇත්තේ  රෝහලේ වෛද්‍යවරුන් අදාල වෛද්‍ය පරීක්ෂණ පවා සිදුනොකළ බවයි. ඇයට අවශ්‍ය ඖෂධ ලබා නොදුන් බවද පපුවේ ස්කෑන් පරීක්ෂණයක් ඉල්ලා සිටිය ද එය සිදුනොකළ බවද ඇය පවසා තිබිණි. එක් අවස්ථාවක රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇය නිවසට යායුතු බවයි.

රෝහලේ ගිලන් සයනයේ සිට නිකුත් කළ වීඩියෝවකට පෙනී සිටිමින් වෛද්‍ය සුසාන් පවසා ඇත්තේ වෛද්‍යධාර සඳහා ඇයට ආයාචනා කිරීමට සිදුවූ බවයි. “කළු ජාතිකයන් මරා දමන්නේ මේ ආකාරයටයි” යනුවෙන් ඇය එහිදී පවසා තිබිණි.

 

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (13)

වෛද්‍යවරුන් ප්‍රතිකාර නොකිරීමෙන් ආසාදිත කළු ජාතික වෛද්‍යවරිය මිය යයි

Freeman Friday, 25 December 2020 03:30 AM

ඔය තමයි ධනපති උගත්කම...

:       0       0

pramitha Friday, 25 December 2020 03:34 AM

එහෙ කළු ජාතිකයින් මරා දානවා වගේ අපේ රටේ තමන්ගේම අය මරා දාන්නේ පාදෙණියලාගේ ජාතියේ අය ඕනෑතරම් ඉන්නවා තමන්ගේ වරප්‍රසාද රැකගන්න.

:       0       0

Bamunuarachchi Friday, 25 December 2020 05:08 AM

කතාවෙන් නම් මහා ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් අකුරටම කරන රටක්. ඉතින් ඇයි අපිත් ඔය විදිහට ජීවිතයට වටිනාකමක් නොදෙන සුළුජාතීන්ට නොසලකන්නේ?

:       0       0

Nanda Friday, 25 December 2020 05:42 AM

දැන් බලමු කවුද ඒ අයට බනින්නේ කියලා....?

:       0       14

bamunuarachchiSunday, 27 December 2020 01:57 AM

මම ඇමෙරිකන් කාරයින්ට බැන්නා. නමුත් ඇමෙරිකාවෙ කත් අදින අය ඒක දන්නේ නැහැ.

:       0       0

Deepal Nirosh Friday, 25 December 2020 06:05 AM

ජනාධිපතිවරණය ඉවරයි නේද? තාම අළුත් ජනාධිපතිතුමා වැඩ භාර ගත්තෙ නැද්ද? තාමත් අපේ ට්‍රම්ප් ජනාධිපතිතුමා තමා එහෙනම් ධුරයේ ඉන්නෙ. ඒකනේ මේ ප්‍රශ්නෙ? අපේ එජාසං මානව හිමිකම් කොමසාරිස්තුමිය ගනු කඩුව, එනු සටනට, මේ ඔබේ වාරයයි.

:       0       18

Channa Friday, 25 December 2020 06:22 AM

මෙ කට්ටිය නේද අපිට .. මානව හිමිකම් ගැන බණ දේශනා කොට එයින් නොනැවතී අපිට සම්බාධක පවා පැනවිය යුතු බවට යෝජනා කරන්නේ... ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ....

:       1       50

Manu Musal Friday, 25 December 2020 11:27 AM

අපේ රටෙ එහෙම නැහැ .... මුස්ලිම්, දෙමළ ජාතික දොස්තරවරු අපිට හොදින් සලකනවා. අපි කලු වුණත් තියෙන්නේ සුදු ජාතික මානසිකත්වය නිසා වෙන්න ඇති...

:       11       16

BamunuarachchiSaturday, 26 December 2020 08:37 AM

අපිට ඒ මානසිකත්වය නැති එකයි වැරැද්ද? එහෙම තිබුණා නම් ලත් තැනම ලොප් කරන්න තිබුණා..

:       0       0

prabha Friday, 25 December 2020 02:09 PM

කණගාටුදායක පුවතක් ... එහෙව් රටෙ මිනිස්සු ජාතීන් අතර සමගිය උගන්නන එක ගැන කණගාටුයි.

:       3       64

නෙවිල් Saturday, 26 December 2020 03:29 AM

ඉතින් මෙහෙම ඇමෙරිකානුවෝ තමයි අපට විරුද්ධව මානව අයිතිවාසිකම් චෝදනා නගන්නේ...

:       0       0

Nihal Saturday, 26 December 2020 10:29 AM

සුද්දන්ගේ හැම රටකම කලු ජාතික වන අපිටත් මේ ටිකම තමයි සිදුවෙමින් තියෙන්නේ.

:       0       0

de silva Saturday, 26 December 2020 02:18 PM

අපේ රටේ මෙහෙම සුදු කලු භේදයක් නොමැත. තිබෙන්නේ දේශප්‍රේමී ලේබල් ගසාගෙන මහදවාලේ රටේ මහජනතාවගේ රීරි මාංශය සූරාකන හොර රැළකුත්, දුක්විඳිමින් ඔවුන්ට දරදිය අදින ජනතාවකුත් පමණි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site