බි‍්‍රතාන්‍යයේ ස්රොපයර් ප‍්‍රාන්තයේ උපන් 27 හැවිරිදි ජෝර්ජිනි හොඩිසන් උපතින්ම මිටි තැනැත්තියකි. ඇය දිනක් අශ්වයෙකුගේ පිටින් වැටී නලලට, නාසයට හා කොදු ඇට පෙලට හානි විය. මෙම අනතුරේදී වූ නලලේ වූ තුවාලයට මැහුමි 75 ක් දැමිණි. නාසය මුහුනට සමතලා වී ගියේය.

වෛද්‍යවරු කියා සිටියේ මේ අනතුර හේතුවෙන් ඇයගේ සිරුරේ කොටසක් පණ නැතිවීමට ඉඩ තිබූ බවයි. කෙසේ වුව ද 2007 අනතුරින් පසු ඇය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටියාය. පසුව ඇය ක්‍රීඩා හා ව්‍යායාමවල යෙදෙමින් ශරිර ශක්තිය වැඩිකැර ගැනීමට මහත් වෙහෙසක් දැරීය.

ඇගේ සැමියා බර ඉසිලීමේ ක්‍රීඩාව හොදින් දැන සිටි බැවින් ඔහු ඇයට බර ඉසිලිම පුහුණු කළේ ඇගේ ශරීර ශක්තිය ඉන් වර්ධනය කැරගත හැකිවනු ඇතැයි තිබූ බලවත් විශ්වාසයෙනි.

ඇය ඒ ගැන මෙසේ කීයන්නීය.

'' මේ ක්‍රීඩාව සදහා මගේ ශරීර ශක්තිය ප්‍රමාණවත් නැති බව මම දැන සිටියා. නමුත් මට විශාල චිත්ත ශක්තියක් තිබුණා එය කළ හැකි බවට. "

අනතුරුව ඇය බර ඉසිලීමේ ක්‍රීඩිකාවක් බවට පත්වූවාය. ප්‍රතිඵලය වූයේ ඇය 2013 වර්ෂයේ බ්‍රිතාන්‍යයේ බර ඉසිලීමේ තරගාවලියකින් රාත්තල් 71 ක් ඔසවා වාර්තාවක් තැබීමයි. ඇගේ පුහුණුකරු වූ සැමියා පවසන්නේ සියුමැලි ගැහැණුන් වුව ද ඇතැම් මිනිසුන්ට වඩා ශක්ති සම්පන්න බවයි. ඇ‍යට උපදෙස් දෙන මනෝ විද්‍යාඥයන් පවසන්නේ 2014 කැනඩාවේ දී පැවැත්වෙන ලෝක බර ඉසිලිමේ ශූරතාව සදහා තරග වැදීමට ද සුදුසු මානසික ශක්තියකින් ඇය පසුවන බවයි. ඇගේ හැකියාව ගැන සැමියා විශ්වාස තබා ඇත.