වතිකානුවේ පළමු ජංගම දුරකථන ඇප් මෘදුකාංගය පසුගියදා  නිළ වශයෙන් ප්‍රැන්සිස් පාප්තුමන්  අන්තර්ජාලයට මුදා හැරිණි.

‘‘මිසී ඕ‘  ලෙස නමි කැර ඇති  මෙය නිපදවා ඇත්තේ  ඇමෙරිකාවේ  පාප්තුමා පිළිබඳව ධර්මදුත සමාජය විසිනි.

 වතිකානුවේ නවතම පුවත්පත් ,වීඩීයෝ,ඡායාරූප ආදී තොරතුරු ක්ෂණයකින්  ලොව කොතැනක සිටියත්  එම පහසුකම් ඇති  ස්මාට් ජංගම දුරකතන වලින්  ඇසීමේ හා නැරඹීමේ  අවස්ථාව සැලැසේ. භාෂා අටකින් ඇප් මෘදුකාංගය නැරැඹිය හැකියි.

 වතිකානුවේ පළමු නිළ ට්වීටර් ගිණුම අන්තර්ජාලයට මුදා හැරියේ  හිටපු බෙනඩික් පාප්තුමා අතිනි.

 ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන ශීග්‍රයන්  ප්‍රචලිත වන මෙවන් සමයක කතෝලික සභාවත්  සමඟ පහසුවෙන් සම්බන්ධ විය හැකි  මෙවන් ඇප් මෘදුකාංගය නිපදවීම කාලෝචිත බව  පාප්තුමා පිළිබඳ වු ඇමෙරිකාවේ  ධර්මදුත සමාජයේ අධ්‍යක්ෂ පියතුමා සදහන් කර ඇත.