වීඩියෝ ක්‍රීඩාවක් ආකාරයට දක්වමින් 15 හැවිරිදි පිරිමි දරුවකු බැංකුවක් කොල්ලකෑමේ සිද්ධියක් එංගලන්තයේ ලිවර්පූල් නගරයෙන් වාර්තා වේ. ඔහු තදින්ම වීඩියෝ තරග සඳහා ඇබ්බැහි වූවෙකි. පොලිසිය ගැන එතරම් අවධානයක් නොතිබුණු දරුවා වීඩියෝ තරගයක මංකොල්ලකරුවකු ආකාරයට රඟ දක්වා ඇත.
එක විටම බැංකුවට කඩා වැඳුණු ඔහු මුදල් අයකැමියන්ට ව්‍යාජ තුවක්කුවක් පෙන්වා ”මම අවුරුදු පහකට පස්සේ දැනුයි හිරෙන් නිදහස් වෙලා පැනලා ආවේ” යනුවෙන් පවසමින් පවුම් 2200ක් (රුපියල් 464000ක් පමණ) පැහැර ගෙන ගොස් ඇත. ඔහු හඳුනාගත නොහැකි වන සේ හිස් වැස්මක් පැළඳ සළුවකින් මුහුණ වසා ගෙන පැමිණියේය.
මුදල් සහ ව්‍යාජ තුවක්කුව තරුණයාගේ නිදන කාමරයේ තිබී ඔහුගේ මවට හමු වී ඇත. කලබලවූ ඇය තම පුතාත් රැගෙන ළඟම ඇති පොලිසියට ගොස් කට උත්තරයක් දී තිබේ.
”ඇත්තෙන්ම මෙය ඉතා අශෝබන, විකාර නඩුවක්. තරුණ දරුවගේ රඟපෑමක් වුණත් මෙය හොරකමක්. මංකොල්ලයක්” යනුවෙන් ප‍්‍රධාන විනිසුරු නඩු පැවතියේය.
කොන්දේසි සහිත ඇප මත තරුණ දරුවා නිදහස් විය. අපරාධ චෝදනා යටතේ ඔහුට විරුද්ධව පියවර ගැනෙන බව සඳහන්ය.
ඔහු පාසලේ ඉතා කීකරු දරුවකු බවත්, වීඩියෝ තරග නැරඹීමෙන් ළමා මනස විකෘති වන බවත්, එය ප‍්‍රාථමික දරුවන්ගේ ප‍්‍රචන්ඩත්වය වැඩි කිරීමට රුකුල් වන බවත් මේ පිළිබඳ අදහස් දක්වමින් ඔහුගේ ගුරුවරු සඳහන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් අප්පා.(නදී)
ලංකාවේ මෙවැනි දේවල් තහනම් කල යුතුයි.මේවායේ විපාක ගැන ප්‍රසිද්ධ දේශන පවත්වා ජනතාව දැනුවත් කල යුතුයි. ප්‍රචණ්ඩත්වය, කාමුකත්වය සෑම දේම මෙයට අඩංගුයි... (ස)
අපිට හොඳ දැනුම්දීමක්. ඉතාලියේ ශ්‍රී ලාංකික බොහෝ ළමුන් ඇබ්බැහි වූ බව දෙමාපියෝ කියති. මෙහි ලින්ක් එක අපිට එවන්න පුලුවන් නම් හොඳයි. තෙරුවන් සරණයි. (නි)
වෙනස් විදියේ ක්‍රීඩාවක් සෙල්ලම් කරපු කෙනෙක් වෙන්න ඇති (නි)
මම එක පාරක් විදේශ සඟරාවක දැක්කා වීඩියෝ ක්‍රීඩාව දරුවන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි කරනවා කියලා. (ස)
දැන් ඔය ක්‍රීඩාව බලලා හොරකම් කරනවා නම් ඒක බලපු අනික් ළමයි එහෙම කළේ නැත්තේ ඇයි?කොහොමද කියන්නේ හොරකම කළේ ඒක බලලාමයි කියලා.අනික ඔය වගේ සරල දෙයක් කරලා සල්ලි කඩා ගන්න පුලුවන් නම් ඒ බැංකුවේ සල්ලි දාන එක ඊට වඩා අවදානමක්. (නි)
මම ශලිනිගේ කියමනට එකග වෙනවා.(නදී)
දෙමාපිය වැඩිහිටියන්ගේ අවදානය මෙයට යොමුවේව ,දරුවෝ මානසික රෝගීන් වෙනවා. කාලය නාස්ති වෙනවා .හැමෝම එකතුවී මෙම විජාතික උවදුර දුරුලමු.(නදී)
මොනතරම් දේවල් ලෝකයට අළුතින් හදුන්වා දුන්නත් ඉන් යහපත් ප්‍රතිඵල ලබාගන්නේ කීයෙන් කීදෙනාද? (නි)
සුදු මහත්මරු හඳනදෙවෙල්නේ හොඳම දේ කියල කට්ටිය හිතගෙන ඉන්නේ ඔන්න වැඩ අනිත් අතට ඉතින් අපේ කට්ටිය ඔබ නොබල කරන වැඩ (අ)