සුදුසුකම් ඇති රජයේ සේවකයන්ට මෙතෙක් කල් පිරිනැමූ සම්මාන වර්ග 76 ක් අත්හිටුවීමට චීන රජය තීරණය කරයි.
මෙවැනි තීරණයක් ගැනීම සදහා හේතු ලෙස රජය දක්වන්නේ එම සම්මානයන් ‘වැඩකට නැති වීමත්‘ හා සම්මාන ප්‍රදානය කිරීමට යාමේදී වැය වන විශාල මුදල් ප්‍රමාණයත්ය.
හෞතික මෙන්ම මානව සම්පතද නිකරුණේ වැයවී යන බැවින් මෙසේ තෝරාගත් සම්මාන 76 ක් පිරිනැමීම අත්හිටුවීමට ක්‍රියා කළ බව චීන රජය කියයි.
ඒ අනුව මින් ඉදිරියට චීන රජයේ සේවකයන්ට ‘හොදම බදු එකතු කරන්නාගේ සම්මානය‘ වැනි සම්මාන නොලැබෙනු ඇත.
2009 දී ක්‍රියාත්මක කළ මෙවන් ව්‍යාපෘතියකින් චීන රජයට ඉතිරි කර ගැනීමට හැකිව තිඛෙන මුදල ඩොලර් සිය කෝටියක් (රුපියල් කෝටි 13400) වඩා අධිකය. මෙවර ඊට වඩා වැඩි මුදලක් ඉතිරි කර ගත හැකි වෙතියි බලධරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ වැඩනේ (දී)
ඩොලර් සිය කෝටියක්..... බුදු අම්මෝ ... (ස)
එහෙ නම් සම්මාන මෙහේ නම් වැඩකට නැති වැඩ නැවැත්තුව නම් හරි. (ස)