එල්.ඊ.ඩී. ආලෝකයෙන් දිවා රාත්‍රී කාලය කෘතිමව නිර්මාණය කරමින් වගාකටයුතු සිදුකරන ගොවි බිමක් නැගෙනහිර ජපානයේ කෘෂිකර්ම උපාධිධාරියකු විසින් සාදා ඇත. කෘෂිකර්ම පර්යේෂකයන් පවසන්නේ මේ ක්‍රමයෙන් සාමාන්‍ය වගාවෙන් ලබා ගන්නවාට වඩා 2.5 ක ගුණයක් වේගයෙන් අස්වැන්න ලබාගත හැකි බවයි.
වර්ග අඩි 25,000ක පමණ වපසරියක් ලබාගත හැකි පරිදි රාක්ක 18ක සලාද ගස් 10,000 ක් සිටුවා ඇත. මේ රාක්ක 18 සඳහා එල්.ඊ.ඩී. බල්බ 17,500 ක් ද යොදා තිබේ. දම්පාට කෘතිම ආලෝකයක් ලැබෙන්නට සලස්වා රාත්‍රී කාලයේ ඇති පරිසරය ලබාදෙන අතර ක්‍රමයෙන් සුදු පැහැති බල්බ දල්වමින් එය දිවා කාලයට පරිවර්ථනය කරනු ලබයි.
දිගටම ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය පිළිබඳ දත්ත ලබාගැනීම ද සිදුකරයි. උෂ්ණත්වය, තෙතමනය හා ජල සැපයුම් ක්‍රියාවලිය ද සම්පූර්ණයෙන් ම පාලනය කරනු ලබයි.
ගොවිපොළ සෑදූ ෂිගෙහාරා ෂිමනුරා පවසන්නේ තමන් ගැටවර වියේ දී 1985 ලෝක කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් නැරඹීමෙන් පසු කෘතිම ගොවිපොළක් නිපදවීමට ඉටාගත් බවයි. පසුව 2004 වර්ෂයේ දී ටෝකියෝ විශ්වවිද්‍යාලයෙන් ලබාගත් කෘෂිකර්ම උපාධිය ඔහුගේ මේ කාර්යයට වඩාත් පහසුවක් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘතීම ආලෝකය භාවිතා කලත් ,කෘතීම පොහොර නම් කිසිම ජපන් ගොවියෙක් භාවිතා කරන්නේ නැත. ඔවුන් වැඩි ආයු කාලයක් ජීවත් වෙමේ රහස එයයි. (ස)
මොනතරම් අගනේද? (නි)