
(ඉන්දිකා රාමනායක)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් පරිපාලන තනතුරෙන් ඉවත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස්පතිවරයාගෙන් පසු ඇති ඊළඟ උසස්ම තනතුර වනුයේ පොලිස් පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතා ඒ අනුව මධ්‍යම පළාත භාරව පමණක් කටයුතු කරනු ඇත.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පොලිස් පරිපාලන කටයුතු භාරව පත් කිරීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්‌ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
සජීව මැදවත්ත මහතා (පොලිස් විද්‍යාලය) බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට නියමිතව සිටී.
මීට අමතරව උතුරු පළාත් බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල මහතා උතුරු මැද පළාත් භාරවද , උතුරු මැද පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා උතුරු පළාත් භාරව ද පත් කිරීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්ථානයේ එම උසස් නිලධාරියා සඳහන් කළේය.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව සිදු කෙරෙන මෙම ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් වූ විශේෂ පොලිස් පණිවිඩය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
58
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2012
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලලිත් පතිනායක පරිපාලන තනතුරින් ඉවතට?
අරුනි Saturday, 01 November 2025 03:11 PM
ආන්ඩුවේ දූශන එළිකරන කොට මිනිසුන්ට තනතුරිනුත් පහ වෙන්න සිදුවෙනවා. අපි බලමු දූශිත පච ආණ්ඩුවේ අනාගතය කොහොම වේවිද කියලා...
nimal Saturday, 01 November 2025 06:56 PM
පොලිස් නිලධාරිනේ ගැටළු විසදීමට පොලිස් කොමිසමක් හෝ ( ombudsman කෙනෙකු පත්කර සිටිනම් ) තිබියදී ඔවුන්ගේ ගැටළු සමජ මාධ්‍ය සමග සකජා කලයුතු නැත. එසේ සිදුවීමෙන් සමාජ මාධ්‍ය මගින් විවිද ප්‍රචාරණයන් සමාජ ගත කිරීම නිසා සමස්ත ශ්‍රී ලංකා පොලිසිය පිලිබදව මහජනයා වර්ධි වැටහීම් ඇතිකර ගනු ඇත
Rata Perata Sunday, 02 November 2025 02:25 PM
එළියට ආපු හඩපටය ඇත්ත නම් ලලිත්පතිනායක වහාම පොලිස් සේවයෙන් නෙරපිය යුතුයි. විනයක් නැති මේ වගේ මිනිස්සු එක්ක ආයතන හදන්න බෑ.