IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වකුගඩු ලෙඩකරන ගෝලීය උණුසුම

උණුසුම් කාලගුණය වකුගඩු ගල් ඇතිවීමට හේතුවක් බව පර්යේෂණයකින් තහවරු වී ඇත. අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීරය  වියළි බව වැඩිවේ. ජලය නැතිව විජලන තත්ත්වයට හටගනී. මේ හේතුවෙන් වකුගඩු ගල් ඇතිවීමේ අවදානම ඉහළ යන බව සොයාගෙන ඇත.

ෆිලඩෙල්පියාහි ළමා රෝහලේ පර්යේෂකයන් විසින් එක්සත් ජනපදයේ විවිධ නගරවලින් පැමිනි රෝගීන් 60,000ක් පමණ පරික්ෂණයට භාජනය කරමින් ඔවුන් මුහුණ දුන් විවිධ කාළගුණික සාධක ගැන ද සොයා බලා ඇත. එහිදී  අවබෝධ වී උණුසුම් පාරිසරික තත්ත්වයන් හා වකුගඩුවල ගල් ඇතිවීමේ රෝගීන් අතර සම්බන්ධයක් ඇති බවයි.

පරිසරයේ උෂණත්වය වැඩිවෙත් ම ඊලඟ දින විස්සේ දී වකුගඩුවල ගල් සහිත රෝගින්ගේ විශාල ලෙස වැඩි වීමක් දක්නට ලැබෙන බව මෙම පර්යේෂණ ප්‍රධානි මෞත්‍ර රෝග පිලිබඳ විශේෂඥ ග්‍රෙගරි ටාසියන් කියයි.

2005 සිට 2011 දක්වා වකුගඩුවල ගල් ඇති රෝගී වැඩිහිටියන්ගේ සහ ළමයින්ගේ වෛද්‍ය වාර්තා 60,000 ක් පමණ ඇට්ලන්ටා,චිකාගෝ, ඩලස්,ලොස් ඇන්ජලිස් සහ ෆිලඩෙල්පියා යන නගරවලින් ලබා ගනිමින්  විශ්ලේෂණයට භාජනය කර ඇති අතර එම නගර වල කාලගුණ වාර්තාද විශ්ලේෂණය කර තිබේ.

මෙහිදී සාමාන්‍ය දෛනික උෂ්ණත්වය වැඩිවු විට සියලුම නගරවල  පුද්ගලයන්ගේ වකුගඩුවල ගල් ඇතිවීමේ අවධානම ඉහළ ගොස් තිබේ.

විශේෂඥ වෛද්‍ය ටාසියන් මෙසේ පවසයි.

‘‘ ලෝක කාලගුණ වෙනස්වීම් ජනතාවගේ සෞඛ්‍යයට සෘජුව ම බලපෑම් එල්ලකරන බව මෙයින් පෙනී යනවා. ඉහළ උෂ්ණත්වයේ දී මිනිසුන්ගේ සිරුර විජලනයට භාජනය වීමෙන් ඔවුන්ගේ මුත්‍රාශවල කැල්සියම් හා අනෙකුත් ඛණිජ ලවණ සාන්ද්‍රනය ඉහළ යෑමෙන් වකුගඩු ගල් ඇතිවීමට එය බලපෑමක් වනවා. “

 විද්‍යාඥයින් වාර්තාකර ඇත්තේ ලෝකයේ සමස්ථ ගෝලීය උෂ්ණත්වය වර්ෂ  2000 සිට 2009 වන විට ගතවූ පසුගිය වසර 11,300 ට වඩා  සියයට 82 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් පෘථිවියේ උෂ්නත්වය සාමාන්‍යයෙන්  සියයට 1 සිට 4.5 කින් පමණ 2100 වන විට ඉහළ යාහැකි බව පැවසේ.

ටාසියන් වැඩිදුරටත් පවසන්නේ පසුගිය වසර 30 තුලදි වකුගඩු ගල් රෝගය ඉහළ ගොස් ඇති අතර මෙම තත්වය දිගටම පැවතිය හැකි බවයි. විශේෂයෙන් දිනපතා උෂ්ණත්වය ඉහළ යන භුගෝලීය වෙන්ස්කම් සහිත දේශසීමා වල මෙම තත්වය පැවතිය හැකි බවද ටාසියන් අනතුරු අඟවයි.

මෙම අධ්‍යනය ගැන තොරතුරු ජාතික  පාරිසරික සෞඛ්‍ය විද්‍යායතන සඟරාවේ ප්‍රසිද්ධ කර ඇත.

global 1

global 4

global 3

global 2



අදහස් (0)

වකුගඩු ලෙඩකරන ගෝලීය උණුසුම

මංජුල Thursday, 17 July 2014 09:23 AM

දේශීය වෙදකමේ ආයුර්වේදයේ මේ පිළිබදව අවුරුදු පන්දහසකට පෙර දක්වා ඇත. අපේ අයට සුද්දා කියනතුරු මේ ගැන විශ්වාස නැත මේ හීනමානයෙන් මිදෙනතුරු අපට අනාගතයක්ද නැත. (නි)

:       0       0

හැරිසන් Thursday, 17 July 2014 11:30 AM

මේක නම් භයානක ආරංචියක් (නි)

:       0       0

චාමර Thursday, 17 July 2014 11:30 AM

එතකොට අරාබියේ ඉන්න අය? (නි)

:       0       0

ජයත් Wednesday, 16 July 2014 06:44 AM

මේ සොයාගැනීමත් නාථ දෙවියන්ගේ ගිණුමට දමන්න අපේ අය ලේස්ති වේවිද මන්ද ! (ස)

:       0       0

අරින්දක Saturday, 19 July 2014 05:07 AM

අරබිකරේ ඉන්න අපිට බුදුසරණද ? ප්‍රතිකර්ම නැතිද ? (නදී)

:       0       0

ලෝවරන්ස Friday, 18 July 2014 05:37 AM

මේවාට විසඳුමක් නැද්ද (අ)

:       0       0

සමන්ත Thursday, 17 July 2014 01:32 PM

අනේ අපොයි! අසුභ ආරංචියක් (නි)

:       0       0

යසස් Thursday, 17 July 2014 07:21 AM

මෙහෙම වෙන්න හේතුව නම් ආසනික් කලවම් ජරා තෙල් ගහන එක. ලංකාව මේ අද ඊයෙ එක පාර රත් උන රටක් නෙවේනෙ. නියම ප්‍රශ්න ගැන කතා නොකර මේවගේ හේතු ඇදලා ගන්න එක නම් විහිලුවක් (නදී)

:       0       0

ලක්ෂී Thursday, 17 July 2014 02:23 PM

එතකොට අරාබි රටවල් වල ඉන්න අයට ඕක බලපාන ප්‍රතිශතය වැඩි ද ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site