
යුක්රේනයේ ලුහාන්ස් නගරය ද අයත් ලුහාන්ස්ක් පළාත සම්පූර්ණයෙන් අල්ලා ගත් බව රුසියාව පවසයි.
ලුහාන්ස්ක් පළාත අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින් රුසියනව් සෙබළුන්ට ස්තුති කළ බව ද වාර්තා වේ.
ලුහාන්ස්ක් නගරය සහ එය අයත් පළාත අයත් වන්නේ යුක්රේනයේ ඩොන්බාස් නමැති පළාතටය. ඩොන්බාස් ඇත්තේ නැගෙනහිර යුක්රේනයේ රුසියාවට මායිම් වෙමිනි.
රුසියන් බස කතා කරන, රැසියන් සම්භවයක් ඇති පිරිස් ජීවත් වන්නේ මෙම ඩොන්බාස් පළාතේය. ඩොන්බාස් පළාතේ ප්‍රධාන නගර දෙක සහ පාළාත් දෙක වන්නේ ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක්ස් ය.
ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක්ස් සිටින්නේ රුසියන් හිතවාදීන්ය. මොවුන් රුසියාවේ සහාය ලබා ගැනීමට කැමැත්තෙන් පසුවන අතර, ස්වාධීන පාලනයක් ද ඉල්ලයි. මේ වනවිටත් රුසියාව ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක්ස් යුක්රේනයට අයත් නොවන ස්වාධීන පාලන ප්‍රදේශ ලෙස පිළිගනී.
ලුහාන්ස්ක් නගරය අයත් ලුහාන්ස්ක් පළාත අල්ලා ගත්තා සේම, ඩොනෙස්ක්ස් නගරය අයත් ඩොනෙස්ක්ස් පළාත ද අල්ලා ගන්නැයි රුසියන් ජනාධිපති පුටින් සිය හමුදාවට උපදෙස් දී තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd