ලොව බලවත්ම පුද්ගලයා ලෙස රුසියානු ජනපති වැලැඩිමියර් පුටින් (61) ඉදිරියෙන් සිටින බව නව ලෝ ප්‍රකට ෆොබ් සඟරාව කියයි.
සිරියාව සම්බන්ධ ගැටලුවේදී ඔහුගේ මැදිහත්වීම මෙන්ම කේ ජී බී බුද්ධි අංශය, න්‍යෂ්ටික අවි සතු හමුදාව, එක්සත් ජාතීන්ගේ කවුන්සිලියේ ස්ථිර සාමාජිකත්වය මෙන්ම තෙල් සහ ගෑස් හිමි රටක නායකයා වීම ඔහු මුල්තැනට ඒමට හේතුවී ඇත.
පෝබ් සඟරාවේ නවතම සමීක්ෂණයට අනුව ඇමෙරිකාවේ ජනපති බරක් ඔබාමාට බලවත්ම පුද්ගලයන් අතර දෙවැනි තැනත්, චීන ජනපති ෂී ජිං ට තෙවැනි තැනැත් හිමිව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබාමා කොහොමද දෙවැනි තැනට එන්නේ? අමෙරිකාවට කවමදාකවත් තනියම යුද්ධ කරන්න බැහැ. (නි)
අප සැමගේ සුභ පැතුම්! (නි)
නමුත් රුසියාවේ සඟරාවක් කිවුවා නම් ඔබාමා තමා බලගතුම පුද්ගලයා කියලා එම සඟරාව පළකරපු මිනිහා දැනටමත් හිරේ. (නි)
බලවත් පුද්ගලයෙක් වුණාට ඒ රටින් 50%වත් මිනිස්සු එයාට කැමති නැතිලු (නි)
එක අගවිනිසුරුතුමෙක් ශ්‍රේෂ්ටාධිකරණයේ තිබුන උත්සවයකදී කිව්වා "කෙනෙකුට කිසියම් ඉහළ තැනකට එන්න පහසුයි, හැබැයි ඒ ආ තැන රැකගන්න නම් ඉතාම දුෂ්කරයි. ඒකට අඛණ්ඩ පරිශ්‍රමයක් දරන්න වෙනවා" කියලා. ඇමෙරිකාව අඛණ්ඩ පරිශ්‍රමයක් නම් දරනවා. ඒත්? (නි)
නමුත් යුද ශක්තියෙන් ඉහළින්ම ඉන්නේ ඇමරිකාවයි. ඔවුන් ළග තිබෙන යුද උපකරණ ඕනෑම රටකට සාපේක්ෂව ඉතා ඉහළයි. මුලු ලෝකයේම තිබෙන යුද ගුවන් යානා එකතුකළත් ඇමරිකාව සතු යුද ගුවන් යානා සංඛ්‍යාව ඉතා ඉහළයි. (නි)
මම කවද හරි ලෝකයෙම් බලගතුම පුද්ගලයා වෙනවා. දැනටමත් ඒ සදහා වටපිටාව සකස් කරගෙන යන්නේ. මගේ සිහිනය එකම තමා. මේ " සැලසුමේ" වැදගත්ම ජයග්‍රහණය මම මෑතකදී ලැබුවා. මොකද දැන් මගේ "බිරිද" මට හරිම බයවෙලා ඉන්නේ. ඔබාමලා, පුටින්ලා මම ඉස්සරහ නිකන්ම නිකන් "හිස් බෙලෙක්ක" විතරනේ.(නදී)
ගුනේ මාමේ ..ලෝකය අතින් බැලුවොත් ..ශක්තිමත්ම මිලිටරිය සහ යුද ආම්පන්න සමඟ යුද බලවතා සෞදි අරාබියාවයි ..? දෙවැනි තැන රුසියාව සහ තුන් වෙනි තැනට ඉන්නේ ඇමරිකාවයි ..ඇමරිකාවේ ..ගුවන් යානා සහ ආම්පන්න වැඩි උනාට මිලිටරියට පණ දෙන්නේ ..යුද්දයකදී ..අනිකුත් බලවත් රටවල් ..එකතුවකින් නිසා ..ඔවුන්ට එම තත්වයට ඒමට ටිකක් අමාරුයි ...?හැම එකටම පැනල හොට දමන නිසා ..ලෝකයම ඇමරිකාවට බයයි ..ඒත් ..එය පුස්සක් පමණි ..??? (ස)
අපේ සුබ පැතුම්! (නි)
මට තැනක් නැහැ එහෙනම්? (නි)
ඒ වුණාට අපේ රටේ ව්‍යවස්ථාව අනුව, රටේ ජනාධිපතිතුමා තමයි බලවත්ම. (නි)
නියමයි. අපේ මිතුරෙක්. (නි)
පුරසාරම් වලින් වැඩක් නැහැ. මට නම් එක දවසක්වත් රුසියාවේ ඉන්න බැහැ.ඒකට ඇමරිකාව? (නි)
මගේ සුභ පැතුම්! (නි)
මම දන්නේ නැහැ ශ්‍රි ලංකාවේ යුද්ධය නිමා කරන්න ඇමෙරිකාව සහය දුන්නද නැද්ද කියලා.නමුත් යුධ බය,මර බිය අපේ රටෙන් තුරන් කරන්න අපිට ප්‍රසිධියේ සහය දුන් චීන සහ රුසියන් නායකයා හැමදාමත් ඉදිරියෙන්ම සිටිය යුතුයි.කොහොමත් චින නායකයා,රුසියන් නායකයා,සහ ඇමෙරිකානු නායකයා යන තුන්දෙනා අතරේ බලය බෙදි යාම හොඳයි. (නි)
සුබපැතුම්...අපට මුකුත් නැතිද?(නදී)
මම කැමතිම නායකයා පුටින් (නදී)
ඔව් ඔව් ඔව් ඔව් (නදී)
යුරි ගොර්බචේෆ් සෝවියට් දේශය පාවාදී රට බටහිර වාදීන්ට නටන්නට සුර පුරක් කරදී ගියා. පසුව ආ යෙල්ස්ටින් තනිකරම ඇමරිකන් නැට්ටුවකු වෙමින් රට ආගාදයට ඇද දෙම්මා . පසුව බලයට ව්ලේදිමීර් පුටින් රුසියාව නැවත රට බටහිර වාදීන්ගෙන් බේරා ගෙන රට දියුණු කරගෙන ආර්ථිකය ගොඩ නගා ගත්තා.. මුළු බටහිර ලෝකය සහ ඇමරිකාව ආර්ථික පරිහානියට වැටිමෙන් තිබියදී රුසියාවේ ආර්ථිකය ආපසු නගා සිටුවා ගත්තේ පුටින් ඔහුගේ යහළුවා කලින් සිටි මෙද්වෙ දෙව් ඔහු සමගම සිටි.(නදී)