IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලිබියාවේ විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ලට බෝම්බ ප‍්‍රහාරයක්

ලිබියාවේ බෙන්ගාසි නුවර විදේශ කටයුතු අමත්‍යාංශ ගොඩනැගිල්ල අසල පෙරේදා (11) අධි බලැති බෝම්බයක් පුපුරා ගියේය. ප‍්‍රහාරයෙන් කිහිප දෙනකු තුවාල ලැබූ අතර ගොඩනැගිල්ලට හානි සිදුවිය.
ප‍්‍රහාරය එල්ල කරන්න ඇත්තේ, ගඩාෆි පාලනය අවසන් කිරීමෙන් පසු ලිබියාවේ පිහිටුවූ නව රජයට කීකරු නොවන ආයුධ සන්නද්ධ කල්ලියක් යැයි ආරක්ෂක අංශ කියා සිටී.
විදේශ කටයුතු අමත්‍යාංශ ගොඩනැගිල්ල අසල සිදුවුණු එම බෝම්බ ප‍්‍රහාරයෙන් පසු, පුපුරා නොගිය තවත් බෝම්බයක් ඒ අසල තිබී ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබ ඇතැයි ද වාර්තා වේ.
ලිබියාවේ දෙවැනි විශාතලම නගරය ලෙස සැලකෙන්නේ  බෙන්ගාසි නුවරය. මීට වසර දෙකකට පෙර, ඇමෙරිකන් තානාපති කාර්යාලයට ප‍්‍රහාරයක් එල්ල වූයේ ද සැප්තැම්බර් 11 වැනිදාය. එම ප‍්‍රහාරයෙන් ලිබියාවේ සිටි ඇමෙරිකන් තානාපති ඇතළු සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

 

ප‍්‍රහාරයෙන් හානි සිදු වූ ගොඩනැගිල්ල

 



අදහස් (0)

ලිබියාවේ විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ලට බෝම්බ ප‍්‍රහාරයක්

සිල්වා Saturday, 14 September 2013 04:09 AM

අපේ රටේ බටහිර මිනීමරුවන්ගේ ගැත්තන්ටත්, දමිළ ඩයස්පෝරාවටත් මෙය කදිම පාඩමකි.රුසියා සහ චීනයට ජයෙන් ජය! (නි)

:       0       0

පිලා Friday, 13 September 2013 01:28 PM

මමත් ලිබ්යාවේ හිටපු කෙනෙක්. ගඩාපි හොද පාලකයෙක්. දැන්නම් රට නන්නත්තාර වෙලා.(නදී)

:       0       0

ශ්‍රීලාල් Saturday, 14 September 2013 05:19 AM

ලෝකෙම හොඳට ණය තුරුස් නැතුව ජනතාවට පහසුකම් ඇතුව තිබුන රටකට ගිය කලක්. රටවල් කීයක් කෑවද? තවමත් ඉවරයක් නැහැ. ලොකුයි කියාගන්න රටවල් වල දරාගන්න අමාරු ආර්ථික ප්‍රශ්න. ඒවා යට ගහගෙන ,ජනතාව බදු බරෙන් තල තලා අනුන්ගේ දේවල් හොයන්න යනවා. (නි)

:       0       0

රානා Friday, 13 September 2013 01:48 PM

ඇමෙරිකාවේ සාම හමුදාව ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව, යන තැන් වල සාමය උදා කරපු හැටි පේනවා නේද . . දැන් ඒ රටවලුත් නන්නත්තාර වෙලා. අපේ රටේ සමහර මැට්ටෝත් මේ අරාබි වසන්තය අපිටත් වෙනකම් බලාගෙන ඉන්නවා.(නදී)

:       0       0

රුසෙල් Friday, 13 September 2013 08:02 PM

ලෝකෙට නය නැතුව තිබුණු රටකට අරාබි වසන්තයෙන් කළ දෙයක්? අපෙත් අරාබි වසන්තය ඉල්ලන අයට හොඳ පාඩම් මේවා (නි)

:       0       0

රූපා Friday, 13 September 2013 11:14 AM

මේ කරපු දෙයම සිරියවටත් කරන්න හැදුවේ. හොඳ වෙලාවට රුසියාව හිටියේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 107 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site