ලිබියාවේ බෙන්ගාසි නුවර අල් කවේෆියා බන්ධනාගාරයෙන් රැුඳෙවියෝ 1,000 කට වැඩි පිරිසක් ඊයේ (28) රාත‍්‍රියේ පලා ගියහ.
රැුඳෙවියන් පලා ගියේ බන්ධනාගාරයේ කැරැුල්ලක් හටගත් අවස්ථාවේදීය.
කැරැුල්ල මර්දනය කිරීමට බන්ධනාගාර නියාමකවරුන් අසමත් වූ අවස්ථාවේදී, රැුඳෙවියන් ඔවුන්ට පහර දුන් බවද වාර්තා වේ.
බන්ධනාගාරයේ හටගත් කලබලය පාලනය කිරීමට හමුදාව යෙදවීමට ද බලධාරීන්ට සිදුවිය.
පලා ගිය රැුඳෙවියන් අතර ජීවිතාන්ත සිරදඬුවම් විඳින දරුණු අපරාධකරුවන්, ගඩාෆි හිතවාදීන් සහ දේශපාලන සිරකරුවන් ද සිටින බව වාර්තා වේ.
පලා ගිය රැුඳෙවියන් සෙවීමේ මෙහෙයුම් ඊයේ රාති‍්‍රයේ ආරම්භ විය. මේ වනවිට ඔවුන්ගෙන් 18 දෙනකු යළි අල්ලා ගැනීමට ද හැකියාව ලැබී ඇත.
බන්ධනාගාරය පිහිටි කලාපය විශේෂ ආරක්ෂක කලාපයක් බවට පත් කෙරුණු අතර, බලධාරීන් අවට නිවැසියන්ට දැනුම් දී තිබුණේ තම තමන්ගේ නිවෙස්වලට වී සිටින ලෙසටය.2010 වසරේ ආරම්භ වූ ලිබියාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ 2011 වෙද්දී සිවිල් යුද්ධයක් තෙක් දුර දිග ගියේය. එම වසරේ ඔක්තෝබර් 20 වැනිදා දශක හතරක් ලිබියාව පාලනය කළ කර්නල් මුවම්මාර් ගඩාෆි කැරැුලිකරුවන් අතින් ඝාතනය විය.
ගඩාෆිගෙන් පසු බටහිර සහාය ලැබුණු එම කැරැුලිකරුවෝ ලිබියාවේ නව රජයක් පිහිටුවූහ. ගඩාෆි පාලනයට එරෙහිව අවි අතට ගත් ඇතැම් කැරැුලිකරුවන් එම අවි බිම දැමීම ප‍්‍රතික්ෂේප කළ අතර ඔවුහු අද ලිබියාවේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුකරති. ලිබියාව අද මුළුමනින්ම අස්ථාවර වී ඇත්තේ එහෙයිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ නරක බොරුව පැරදී, හොද සහ සත්‍යය ජයගැනීම දෙවියන්ටවත් වැළක්විය නොහැක. (නි)
අපේ රටටත් ඔය අරාබි වසන්තයක් එනකම් බලාගෙන ඉන්න කොටසක් ඉන්නවනේ.අපි දෙමල ඩයස්පෝරාව ගැන කතා කලාට ඊට වඩා සිය දහස් ගුණයක් දුර්ජන අය අපි අතරෙන්ම සිංහල නම් වලින් ඉන්නවා. (නි)