ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට එරෙහිව සටන් කළ කැරැුලිකරුවන් විසින් එරට බෙන්ගාසි නුවර පිහිටුවා තිබූ මූලස්ථානයට පෙරේදා (9) ආයුධ සන්නද්ධ පිරිසක් පහරදුන් අතර එම ප‍්‍රහාරයෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණන 30 කි.
ප‍්‍රහාරය එල්ල කරන්න ඇත්තේ ගඩාෆිගෙන් පසු ලිබියාවේ පිහිටුවන ලද නව රජයට එරෙහිව කි‍්‍රයාත්මක ආයුධ සන්නද්ධ කල්ලියක් විසින් යැයි අනුමාන කෙරේ. ගඩාෆි පාලනය අවසන් කිරීමට ආයුධ අතට ගත් ඇතැමුන් එම ආයුධ බිම දැමීම ප‍්‍රතික්ෂේප කර ඇත. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන්නේ ද ඔවුන්ය.
මේ අතර ලිබියාවේ බෙන්ගාසි සහ ටි‍්‍රපොලි නගරවල ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන්, රට දිගින් දිගටම අස්ථාවර වීමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd