ලිබියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පාලනය කිරීමට නොහැකි අයුරින් උත්සන්න වීමත් සමඟ එරට හමුදාපති ලෙස කටයුතු කළ යූසොෆ් අල් මැන්ගෝෂ් සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේය.
මැන්ගෝෂ් සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේ, ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට එරෙහිව සටන් කළ කැරැලිකරුවන් විසින් එරට බෙන්ගාසි නුවර පිහිටි ඔවුන්ගේ මූලස්ථානයට ඉකුත් 9 වැනිදා ආයුධ සන්නද්ධ පිරිසක් කළ පහර දීමෙන් පසුවය. එම ප‍්‍රහාරයෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර, 30 දෙනෙක් තුවාල ලැබූහ.
ප‍්‍රහාරය එල්ල කරනු ලැබුවේ ගඩාෆිගෙන් පසු ලිබියාවේ පිහිටුවන ලද නව රජයට එරෙහිව යන ආයුධ සන්නද්ධ කල්ලි විසිනි.
ගඩාෆි පාලනය අවසන් කිරීමෙන් පසුවත් ලිබියාවේ අවි ගැටුම් අවසන් වී නැත.
ගඩාෆි පාලනය අවසන් කිරීමට අවි අතට ගත් සන්නද්ධ කල්ලි එම අවි බිම දමා නැති අතර ඔවුන් ලිබියාවේ වත්මන් රජයට ද එරෙහිව යයි. ලිබියාව මුළුමනින්ම අස්ථාවර වී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ද ඉහළ යන්නේ එම නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙත් අවුරුදු 30 කිට්ටු වෙන්න තිබුන ඇතැම් කාලවල වැලේ වැල් නැතිව හිටියේ. හැබැයි කවුරුත් ඉල්ලා අස් උනේ නැහැ. ලංකාවේ එහෙම ඒවා අහන්ට ලැබෙන්නේ නැහැ.(නදී)