ලිබියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පාලනය කිරීමට නොහැකි අයුරින් උත්සන්න වීමත් සමඟ එරට හමුදාපති ලෙස කටයුතු කළ යූසොෆ් අල් මැන්ගෝෂ් සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේය.
මැන්ගෝෂ් සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේ, ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට එරෙහිව සටන් කළ කැරැලිකරුවන් විසින් එරට බෙන්ගාසි නුවර පිහිටි ඔවුන්ගේ මූලස්ථානයට ඉකුත් 9 වැනිදා ආයුධ සන්නද්ධ පිරිසක් කළ පහර දීමෙන් පසුවය. එම ප‍්‍රහාරයෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර, 30 දෙනෙක් තුවාල ලැබූහ.
ප‍්‍රහාරය එල්ල කරනු ලැබුවේ ගඩාෆිගෙන් පසු ලිබියාවේ පිහිටුවන ලද නව රජයට එරෙහිව යන ආයුධ සන්නද්ධ කල්ලි විසිනි.
ගඩාෆි පාලනය අවසන් කිරීමෙන් පසුවත් ලිබියාවේ අවි ගැටුම් අවසන් වී නැත.
ගඩාෆි පාලනය අවසන් කිරීමට අවි අතට ගත් සන්නද්ධ කල්ලි එම අවි බිම දමා නැති අතර ඔවුන් ලිබියාවේ වත්මන් රජයට ද එරෙහිව යයි. ලිබියාව මුළුමනින්ම අස්ථාවර වී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ද ඉහළ යන්නේ එම නිසාය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලිබියා හමුදාපති ධුරයෙන් ඉවත්වෙයි
රූපා Wednesday, 12 June 2013 10:25 AM
අපෙත් අවුරුදු 30 කිට්ටු වෙන්න තිබුන ඇතැම් කාලවල වැලේ වැල් නැතිව හිටියේ. හැබැයි කවුරුත් ඉල්ලා අස් උනේ නැහැ. ලංකාවේ එහෙම ඒවා අහන්ට ලැබෙන්නේ නැහැ.(නදී)