රජයට අයත් ඉඩම් වල තණකොළ කැපීමට යන්ත්‍ර සූත්‍ර නොයොදා හරක් හා බැටලූවන්ගේ ආහාර සඳහා එම තණකොළ යොදා ගතයුතු යැයි බ්‍රිතාන්‍යයේ කැබිනට් මන්ත්‍රී වන එරික් පිකල්ස් යෝජනා කරති.
යන්ත්‍ර වෙනුවෙන් අධික මුදලක් වැය කිරීමට සිදුව තිබීම මෙවන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට හේතුව බව සදහන්ය.
පුදුමයකට මෙන් මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයෙන්ද විරෝධයක් එල්ල වී නැත.
බ්‍රිතාන්‍යයේ නගර පාලනය කටයුතු සදහා පත්කර තිඛෙන කවුන්සිල අනවශ්‍ය කටයුතු වලට මුදල් වැය කිරීම අතින් අන් සියලූ රාජ්‍ය ආයතනයන්ට වඩා ඉහළින් සිටින බව කියැවේ.මෙනිසා මෙම යෝජනාව සම්බන්ධයෙන් වඩාත්ම කෝපයට පත්ව සිටිනුයේ එම කවුන්සිලයන් හා සම්බන්ධ පුද්ගලයින්ය.
තමන් යටතේ පාලනය වන කවුන්සිල වල වියදම් වැඩි යැයි තමන් පිළිගන්නා මුත් රජය කළ යුත්තේ ඊට මධ්‍යතන යුගයේ විසදුම් ඉදිරිපත් කිරීම නොව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි මට්ටමේ විසදුම් ඉදිරිපත් කිරීම බව ඔවුන්ගේ මතයයි.
උදාහරණයක් ලෙස හරක්ට හා බැටලූවන්ට උද්‍යාන හා රජයේ ඉඩම් වල තණකොළ කැපීම භාරදුනහොත් එම සතුන්ගෙන් සිදුවන හානි එම සතුන්ට සැපයිය යුතු වන වෛද්‍ය පහසුකම් වලට මුදල් සැපයීමට සිදුනොවන්නේදැයි ඔවුන් විමසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට එළවලු පාත්ති වලට දාන්ඩ ගොම එකතු කරන්ඩ කියලත් ලන්ඩන් යන්න විස ගන්න පුළුවනි. (දී)
මේවා බොහෝ විට අපගේ ලංකාවේ සිට එන අය විසින් කරනා රැකියා. සති අන්තයේ කීයක් හෝ සොයා ගැනීමට (නි)
ඕක ලන්ඩනයට අලුත් දෙයක් වුනාට ,බොහෝ රටවල් වලට පරණ දෙයක් .(දී)
මේ රක්ෂාව විතරයි අපේ අයට ඉතිරිවෙලා තිබුනේ. ඒකටත් කණ කොකා.(නදී)
ඕක පරණ ක්‍රමයක් නේ ...... (ස)
නියම තණකොළ මැෂින් ටික (දී)
හොදයිනේ (නි)
ඔය දියුණුයි කියා ගන්නා රටවලත් ඉන්නවා දුෂණය ඉහවහා ගිය නිලධාරීන් [හැමෝම නෙවෙයි] ඒ වගේ හොර හිත තියෙන අය තමයි මේ වගේ දේවල් වලට විරුද්ධ වෙන්නේ. උදාහරණ නම් ඕනෑ තරම් තියෙනවා කියන්න. ටෙන්ඩර් මගඩි, සන්තෝසම් ගැනිලි වැහි වැහලා.හැබැයි ඉතින් අහුවුනොතින් එහෙම තමන්ගේ තනතුරත් ඉවරයි.අවුරුදු ගානකට හිරේ යන්නත් වෙනවා. කිසිම සමාවක් නැහැ. " මම මොකුත් මේ ගැන දන්නේ නැහැ , මට කිසි දෙයක් මතක නැහැ." ඒවා නිදහසට කරුණු නොවෙයි. (ස)