IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලන්ඩනයේ තණකොළ කපන්න සිව්පාවෝ?

රජයට අයත් ඉඩම් වල තණකොළ කැපීමට යන්ත්‍ර සූත්‍ර නොයොදා  හරක් හා බැටලූවන්ගේ ආහාර සඳහා එම තණකොළ යොදා ගතයුතු යැයි  බ්‍රිතාන්‍යයේ කැබිනට් මන්ත්‍රී වන එරික් පිකල්ස් යෝජනා කරති.

යන්ත්‍ර වෙනුවෙන් අධික මුදලක් වැය කිරීමට සිදුව තිබීම මෙවන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට හේතුව බව සදහන්ය.

පුදුමයකට මෙන් මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයෙන්ද විරෝධයක් එල්ල වී නැත.

බ්‍රිතාන්‍යයේ නගර පාලනය කටයුතු සදහා පත්කර තිඛෙන කවුන්සිල අනවශ්‍ය කටයුතු වලට මුදල් වැය කිරීම අතින් අන් සියලූ රාජ්‍ය ආයතනයන්ට වඩා ඉහළින් සිටින බව කියැවේ.මෙනිසා මෙම යෝජනාව සම්බන්ධයෙන් වඩාත්ම කෝපයට පත්ව සිටිනුයේ එම කවුන්සිලයන් හා සම්බන්ධ පුද්ගලයින්ය.

තමන් යටතේ පාලනය වන කවුන්සිල වල වියදම් වැඩි යැයි තමන් පිළිගන්නා මුත් රජය කළ යුත්තේ ඊට මධ්‍යතන යුගයේ විසදුම් ඉදිරිපත් කිරීම නොව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි මට්ටමේ විසදුම් ඉදිරිපත් කිරීම බව ඔවුන්ගේ මතයයි.

උදාහරණයක් ලෙස හරක්ට හා බැටලූවන්ට උද්‍යාන හා රජයේ ඉඩම් වල තණකොළ කැපීම භාරදුනහොත් එම සතුන්ගෙන් සිදුවන හානි එම සතුන්ට සැපයිය යුතු වන වෛද්‍ය පහසුකම් වලට මුදල් සැපයීමට සිදුනොවන්නේදැයි ඔවුන් විමසයි.



අදහස් (0)

ලන්ඩනයේ තණකොළ කපන්න සිව්පාවෝ?

ලලිත් Thursday, 07 November 2013 11:33 PM

එතකොට එළවලු පාත්ති වලට දාන්ඩ ගොම එකතු කරන්ඩ කියලත් ලන්ඩන් යන්න විස ගන්න පුළුවනි. (දී)

:       0       0

සරෝජ් ජයසේකර Thursday, 07 November 2013 05:52 PM

මේවා බොහෝ විට අපගේ ලංකාවේ සිට එන අය විසින් කරනා රැකියා. සති අන්තයේ කීයක් හෝ සොයා ගැනීමට (නි)

:       0       0

චමත් [ ලංකාව][ Friday, 08 November 2013 01:29 AM

ඕක ලන්ඩනයට අලුත් දෙයක් වුනාට ,බොහෝ රටවල් වලට පරණ දෙයක් .(දී)

:       0       0

ආරියසේන Saturday, 09 November 2013 06:59 AM

මේ රක්ෂාව විතරයි අපේ අයට ඉතිරිවෙලා තිබුනේ. ඒකටත් කණ කොකා.(නදී)

:       0       0

අබ්දුල් Friday, 08 November 2013 02:32 PM

ඕක පරණ ක්‍රමයක් නේ ...... (ස)

:       0       0

සමන්ත Thursday, 07 November 2013 09:43 PM

නියම තණකොළ මැෂින් ටික (දී)

:       0       0

මිචෙල් Friday, 08 November 2013 09:22 AM

හොදයිනේ (නි)

:       0       0

චමත් [ලංකාව] Friday, 08 November 2013 09:43 AM

ඔය දියුණුයි කියා ගන්නා රටවලත් ඉන්නවා දුෂණය ඉහවහා ගිය නිලධාරීන් [හැමෝම නෙවෙයි] ඒ වගේ හොර හිත තියෙන අය තමයි මේ වගේ දේවල් වලට විරුද්ධ වෙන්නේ. උදාහරණ නම් ඕනෑ තරම් තියෙනවා කියන්න. ටෙන්ඩර් මගඩි, සන්තෝසම් ගැනිලි වැහි වැහලා.හැබැයි ඉතින් අහුවුනොතින් එහෙම තමන්ගේ තනතුරත් ඉවරයි.අවුරුදු ගානකට හිරේ යන්නත් වෙනවා. කිසිම සමාවක් නැහැ. " මම මොකුත් මේ ගැන දන්නේ නැහැ , මට කිසි දෙයක් මතක නැහැ." ඒවා නිදහසට කරුණු නොවෙයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 8 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1995 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site