බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර වැසියන්ට සයිමන් (ව) රයිට් යනු අමුත්තෙකු නොවේ.
වැරැහැලි ඇදුම් ඇද බල්ලකුද තුරුලූ කරගෙන ‘‘කන්න දෙයකුත් නැහැ ඉන්න තැනකුත් නැහැ‘‘ යනුවෙන් ලියැවුණු පුවරුවක්ද තබාගෙන සිටින ඔහු දකින කිසිවෙක් සයිමන් හට කිසියම් හෝ මුදල් ආධාරයක් කර මිස ඔහු පසුකර නොයන්නේය.
වසර තුනකට ආසන්න කාලයක් සිඟමනේ යෙදී සිටින සයිමන් ගැන බළධාරීන්ගේ අවධානය යොමු වන්නේ මෑතකදීය.ඒ ඔහු ගැන පළවුනු පුවත්පත් වාර්තා කිහිපයක් නිසාවෙනි.ඒවායේ සදහන් වූ ආකාරයට සයිමන් පදිංචිව සිටින්නේ පවුම් ලක්ෂ තුනක් වටිනා නිවසකය.සිඟමනෙන් ලැබෙන දෛනික ආදායම පවුම් 200 කි.(රුපියල් 40200 කි) ආසන්න වශයෙන් සයිමන් වසරකට පවුම් පනස්දහසකට(රුපියල් 10050000 ) වඩා උපයයි.මේ පිළිඹද පරීක්ෂණයක් ආරම්භ කළ බළධාරීන්ට දැන ගත හැකි වූයේ පුවත්පත් වාර්තා සත්‍ය බවයි.වහාම සයිමන් අධිකරණය ඉදිරියට පැමිණවුනු අතර ඔහුට සිගමනේ යැදීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කෙරුණි.
නමුත් සයිමන්ට සිය පුරුද්ද අත්හැරීමට නොහැකි විය.අධිකරණ නියෝගයෙන් පසුව ටික දිනක් වසන් වී සිටි හෙතෙම යළිත් සුපුරුදු ලෙසම සිගමන් යැදීමට පටන් ගත්තේ හදුනාගත නොහැකි වනසේ පෙනුමද වෙනස් කරගෙනය.එසේ වුවත් නගරයේ පොලිස් නිළධාරිීන්ගේ ඇසින් බේරීමට ඔහුට නොහැකි වුණි.මෙවර අධිකරණයට පැමිණවීමකින් තොරව දඩයක් ගෙවා නිදහස් වීමේ අවස්ථාව සයිමන්ට හිමි විය.සියල්ල අවසන් යැයි සිතා යළිත් සිය රාජකාරි කිරීමට ගිය පොලිස් නිළධාරීන්ට දැකගත හැකි වූයේ යළිත් සිගමන් යදිනා සයිමන්වය.
මෙවර නම් ඔහුට ගැලවීමක් නොවුණි.අධිකරණයට ඉදිරිපත් කෙරුණු සයිමන් දැන් සිටින්නේ පොලිස් භාරයේය.අධිකරණ නියෝගයක් පැහැර හැරී යැයි ඔහුට එල්ල වී ඇති චෝදනාවට වැරදිකරු වුවහොත් සයිමන්ට පස් අවුරුදු සිර දඩුවමක් නියම කෙරෙනු ඇත.
සයිමන් වැනි යාචකයන් කිහිප දෙනෙකුම ලන්ඩන් නගරයේ සිටිනා බව පවසන බළධාරීන් හොදම දෙය නම් යාචකයින් කිසිවෙකුටත් මුදල් ලබා දීමෙන් වැළැකී සිටීම බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම රටකම මේවා වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ වෙන රටවලට මේවා සාමාන්‍ය දේවල් නොවේ. ලංකාවට මේවා අතිශය සාමානයයි.(නදී)
සතියකට පැය 20 ක් ( පාර්ට් ටයිම් ) කරලාත් පවුම් 200 ක් හොයන්න බැහැ.සමහර සුරතල් සතුන් අයිතිකාරයන් බල්ලාව සලකලා යම් මුදලක් දෙනවා.මේ මිනිහා මාරයි. (නි)
ඔය වගේ හිගන්නෝ ලෝකේ හැමතැනම ඉන්නවා. (නි)
මම මේ මිනිහාව දන්නවා. මීට අවුරුදු දෙකකකට ඉස්සෙල්ලා මම වැඩ කලේ ලන්ඩනයේ පට්නී කියන නගරයේ. ඒ කාලයේ මම වැඩ කරපු අවන්හලෙන් මම මේ මිනිහට කෑම අරන් දෙන්නත් හැදුවා. සිත කාලයේදී පවා මේ මිනිහා බලලත් එක්කම උදේ ඉදන් රැ වෙනකන් ලෝගුවකුත් දාගෙන හිගමන් යදිනවා. ඔය උඩම තියෙන පින්තුරයේ සෙයියාවෙන් ( බල්ලවත් තුරුළු කරගෙන ) තමා මිනිහා වැඩිපුරම ඉන්නේ. (නි)
මම දන්නා මෙහෙම හිගන්නෙක් ඉන්නවා ඩුබයි වල..(අ)
ලන්ඩන් වල හිගා කෑවත් සැපයි (නි)
හිගන්නා වුනත් කතා කරන්නේ ඉංග්‍රීසි නේද ? දන්නෙ නැති හින්දා අහන්නේ..!! (නි)
ලංකාවේ නම් කුඩා දරුවෝ (අ)
අපේ මාසෙක වැටුපත් ඔච්චර නැහැ (නි)
අපේ රටෙත් ඔය වැනි සිදුවීමක් එක්තරා රූපවාහිනී නාලිකාවකින් ප්‍රචාරය වුන, ඔහුත් සමහර දිනවල බොහෝවිට දිනකට රුපියල් 30000 ඉක්මවනබව එහි දැක්වුනා. අපේ රටේ බෞද්ද පසුබිමක් තුල යාචකයන් විශාල වශයෙන් ධනය උපයන්නේ ශ්‍රීලාංකික සංස්කෘතියේ තිබෙන වටිනාකම නිසා . නමුත් අපේ රට හා සසඳන විට ලන්ඩන් යාචකයාගේ අදායම ඉතා අඩු බව මගේ අදහසයි (අ)
හිඟන්නෙක් නෙමෙයි හිඟන රජෙක්. (නි)
හැම රටකම එකදේම කෙරෙනවා එහෙනම්? (නි)
අපේ රටෙත් හිගන්නෝ ඔයිට දෙවැනි නැහැ (නි)
බලන්න දෙවන ඡායාරූපය. බ්‍රිතාන්‍යයත් අප වගේම දියුණුයි. ඔන්ද ස්පොට් දඩ ගහනවා. (නි)
මේක අහලා දැන් අපේ අය හිතනවා ඇති 'යකෝ මේක මාර බිස්නස් එකනේ"කියලා. ඔයාගේ හම" සුදු" නම් විතරයි මේ ගාන කපාගන්න පුලුවන්. නැත්නම් ඉතින් නිකම්ම නිකන් හිගන්නෙක් විතරයි. හැබයි මොනවා උනත් ඉතාලියේ ඉන්න අපේ අය වගේ මෙයා ඉල්ලන් කන්නේ නෑ.(නදී)
ඔය මිනිහා අමාරුවේ වැටුනේ කට නිසා. තමන්ට ලැබෙන දෙය ගැන කයිවාරු ගහන්න ගියාම වෙන ප්‍රතිපල. කියවන්නේ නැතුව තමන්ගේ පාඩුවේ වැඩේ කරගෙන ගියානම් කිසිම කරදරයක් නැහැ.(නදී)
ඔන්න හිගන්නන්ගේ සෙල්ලම්. (නි)