IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලන්ඩන් රඟහල කඩාවැටේ : 80 වකට තුවාල

ලන්ඩන් නුවර ලෝ සුපතල ඇපලෝ නාට්‍ය ශාලාවේ උඩුමහල, නාට්‍යයක් නරඹමින් සිටි ප්‍රේක්ෂකයින්ගේ හිස මතට කඩාවැටීමෙන් අසුදෙනෙකුට තුවාල සිදුවේ ඇත. 

ඉන් හත්දෙනෙකුගේ තත්වය බරපතල බව පොලිසිය පවසයි.

ඇපලෝ රඟහලේ ආසන 700ක් ඇත. අනතුර සිදුවන අවස්ථාවේ එම ආසන සියල්ලම පිරී පැවතිණි.

බ්‍රහස්පතින්දා සවස 8.30 වනවිට ලන්ඩන් නගරය ගිගුරුවා ලමින් අකුණු කුණාටුවක් සහිත ධාරානිපාත වර්ෂාවක් ඇදහැළිණි. 

අනතුරට  හේතුව  සොයා බලන බව ගිනිනිවන හමුදාවත් පොලිසියත් කියයි.

මෙවැනි සිදුවීම් ලන්ඩන් නුවර දුර්ලභ නිසා නාට්‍යය නරඹමින් සිටි බොහෝදෙනා සිතා ඇත්තේ එම ගෝශාව නාට්‍යයේම කොටසක් ලෙසය.

අනතුර සිදුවූ නිමේෂයකින් ක්‍රියාත්මකවූ පොලිසිය සහ ගිනිනිවන හමුදාව සියලුම දෙනා ආරක්ෂා සහිතව ගොඩනැඟිල්ලෙන් ඉවත්කිරීමටත් තුවාල කරුවන් රෝහල් ගතකිරීමටත් පියවර ගෙන ඇත. ලන්ඩනයේ දිනපතා නාට්‍ය දර්ශන පැවැත්වෙන ප්‍රසිද්ධ රඟහල් 25 කට වැඩි සංඛ්‍යාවක් ඇත. මේවායින් බොහෝ ගණනක් ඉතාමත් පැරණි ගොඩනැඟිලිවෙයි.

ඉපැරණි වුවත් එම ගොඩනැඟිලිවල ප්‍රමිතිය සහ ආරක්ෂාව පිළිබඳව නිතර සොයා බලනු ලබන අතර හැම නාට්‍යාගාරයක්ම ඉස්තරම් මට්ට්ටමකින් නඩත්තු කිරීමට ඒවායේ අයිතිකරුවන් ක්‍රියා කරති. අනර්ග වේදිකා නාට්‍ය පිළිබඳව ලන්ඩන් නුවරට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. මේ නිසා ලන්ඩනයේ වේදිකා ගතකෙරෙන නාට්‍ය නැරඹීමට ලෝකයේ බොහෝ රටවල නාට්‍ය ලෝලයින් ලන්ඩනයට පැමිණෙති. සමහර නිර්මාණ එකම රඟහලේ වසර 60 කටත් වඩා නොකඩවා වේදිකා ගතවී ඇත.

ලන්ඩනයේ බොහෝ නාට්‍ය ලෝක වාර්තා තබා ඇති අතර ඇමෙරිකාව, කැනඩාව,ඔස්ට්‍රේලියාව වැනි රටවල ප්‍රධාන නාට්‍යශාලාවලද ඒවා යලි නිෂ්පාදන කර ප්‍රදර්ශනය කරනු ලබයි. වේදිකා නාට්‍ය ලෝකයේ ලන්ඩන් නුවරට ඇත්තේ සිවිශේෂී  ස්ථානයකි.

 



අදහස් (0)

ලන්ඩන් රඟහල කඩාවැටේ : 80 වකට තුවාල

සමන් Friday, 20 December 2013 04:23 PM

සූරාකා ගොඩ නැඟු දේවල් කාලය ඉවර වෙලා වගේ. ලන්ඩනය පුරාම තියෙන්නෙ නඩත්තු කරන්න බැරුව කළු ගැසුණු පරණ ගොඩනැගිලි. (ස)

:       0       0

නජරාජා Saturday, 21 December 2013 03:04 PM

කැමරොන් මහත්තොයෝ, ලංකාවට කරන කෙනහිලිකම්වලට ඔහෙට තව උනා මදි. ස්වභාව ධර්මය ටික ටික දෙයි. අන්තිමට ඔබත් යයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site