මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ඇසළ පොහෝදින පිංකම විහාරස්ථානයෙදී පැවැත්විණි.
දම්සක් පැවතුම් සුත්‍ර දේශනාව සිදුකළ මෙම උතුම්වූ පොහොය දින පිංකම සඳහා සහභාගීවීමට ශ්‍රී ලාංකික මෙන්ම යුරෝපීය ජාතික බෞද්ධයෝ සැලකියයුතු පිරිසක් පැමිණ සිටියහ. එදින උපාසික උපාසිකාවෝ බොහෝ පිරිසක් අටසිල් සමාදන්වුහ.
නිව් මොල්ඩන් හි දායක දායිකාවෝ මහා සංඝ රත්නයට හා පෙරවස් සමාදන්වු වනට දානය පිළිගැන්වුහ.
එදින දවස පුරාවටම ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, බුද්ධ වන්දනා සහ භාවනා වැඩසටහන් පැවැත්විණි.
බුදුන්වහන්සේ වැඩසිටි කාල වකවානුවේ ඉන්දියා ජනසමාජයේ පැවති ඇදහිලි සහ ආගමික පරිසරය පිලිබඳ ලන්ඩන් බෞද්ධ විහාරයේ දීර්ගකාලීන සාමාජිකයෙකුවන ජුලියන් වෝල් සවිස්තරාත්මක දේශනයක්ද ඉදිරිපත් කළේය.
පිංකම අවසානයේසියලුදෙනාහට ආශීර්වාද පතා ධම්ම චක්ක පවත්තන සුත්‍රය සජ්ඣායනා කරනු ලැබීය.
වස් ආරාධනා පින්කමද පැවැත්විණි. පේරුසිංහ පවුලේ සාමාජිකයෝ වස් ආරාධනාව කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd