ඩොලර් ලක්ෂ 400 ක (රුපියල් කෝටි 490කට ආසන්න මුදලක්) ලොතරැයි දිනුමක් ලැබ ඒ මුදල් සියල්ල පරිත්‍යාග කිරීමට සැරසෙන්නෙකි කැනඩා ජාතික ටොම් ක්‍රිස්ට්.

විශ්‍රාමිකයෙකු වන ටොම් කැනඩාවේ ප්‍රකට ඉලෙක්ට්‍රෝනික උපකරණ අලෙවි සමාගමක හිටපු සභාපතිවරයෙකි. වසර 2 ක පෙර ඔහුගේ බිරිද මියගොස් ඇති අතර ඔහු දැන් ජීවත් වන්නේ තනිවමය.

‘මගේ බිරිද ජෙන්, පෙනහළු පිළිකාවකින් පීඩා විදිමින් සිටියේ.වසර ගණනාවක් එයත් එක්ක සටන් කර  අවසානයේ ඇය පැරදුනා. ඇය බලා කියා ගත්ත රෝහලට තමයි මම ඉස්සෙල්ලාම මුදල් පරිත්‍යාගයක් කිරීමට සිතා සිටින්නේ‘ ටොම් පවසයි.

උස්මහත්වූ දරුවන් සිටියද ටොම් තම ලොතරැයි දිනුම මාස ගණනාවක්ම ඔවුන්ගෙන් වසන් කර සිටියේය. 

‘එහෙම නොවේ.මට ප්‍රසිද්ධ වෙන්න ඕන වුනේ නැහැ.ඒ නිසා තමයි මම පමාවී ඔවුන්ට මේක කිව්වේ.හරිම සතුටුයි කියන්න ඔවුනුත් කැමතියි මේ මුදල ඛෙදා දෙනවට‘ ඔහු කියයි.

තම පවුලේ නමින් අරමුදලක් පිහිටුවීමටත් ටොම් බලාපොරොත්තුවෙන් සිටී.

‘මට ජීවිතේ ඕන කරන දේවල් ඔක්කොම ලැබිලා තියනවා.තව දේවල් මට අවශ්‍ය නැහැ.ගොඩගහගන්නවට වඩා වැඩිය හොදයි ප්‍රයෝජනයක් ඇති මිනිස්සු වෙනුවෙන් මේ මුදල ඛෙදලා දාන එක.මගේ දරුවෝ ඔක්කොම හොද තැන්වල.මට ඇත්තටම තවත් දිනා ගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ‘ ටොම් පවසන්නේ හදවතින්මය.