IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලොතරැයි කෝටි 490ම පිනට

ඩොලර් ලක්ෂ 400 ක (රුපියල් කෝටි 490කට ආසන්න මුදලක්) ලොතරැයි දිනුමක් ලැබ ඒ මුදල් සියල්ල පරිත්‍යාග කිරීමට සැරසෙන්නෙකි කැනඩා ජාතික ටොම් ක්‍රිස්ට්.

විශ්‍රාමිකයෙකු වන ටොම් කැනඩාවේ ප්‍රකට ඉලෙක්ට්‍රෝනික උපකරණ අලෙවි සමාගමක හිටපු සභාපතිවරයෙකි. වසර 2 ක පෙර ඔහුගේ බිරිද මියගොස් ඇති අතර ඔහු දැන් ජීවත් වන්නේ තනිවමය.

‘මගේ බිරිද ජෙන්, පෙනහළු පිළිකාවකින් පීඩා විදිමින් සිටියේ.වසර ගණනාවක් එයත් එක්ක සටන් කර  අවසානයේ ඇය පැරදුනා. ඇය බලා කියා ගත්ත රෝහලට තමයි මම ඉස්සෙල්ලාම මුදල් පරිත්‍යාගයක් කිරීමට සිතා සිටින්නේ‘ ටොම් පවසයි.

උස්මහත්වූ දරුවන් සිටියද ටොම් තම ලොතරැයි දිනුම මාස ගණනාවක්ම ඔවුන්ගෙන් වසන් කර සිටියේය. 

‘එහෙම නොවේ.මට ප්‍රසිද්ධ වෙන්න ඕන වුනේ නැහැ.ඒ නිසා තමයි මම පමාවී ඔවුන්ට මේක කිව්වේ.හරිම සතුටුයි කියන්න ඔවුනුත් කැමතියි මේ මුදල ඛෙදා දෙනවට‘ ඔහු කියයි.

තම පවුලේ නමින් අරමුදලක් පිහිටුවීමටත් ටොම් බලාපොරොත්තුවෙන් සිටී.

‘මට ජීවිතේ ඕන කරන දේවල් ඔක්කොම ලැබිලා තියනවා.තව දේවල් මට අවශ්‍ය නැහැ.ගොඩගහගන්නවට වඩා වැඩිය හොදයි ප්‍රයෝජනයක් ඇති මිනිස්සු වෙනුවෙන් මේ මුදල ඛෙදලා දාන එක.මගේ දරුවෝ ඔක්කොම හොද තැන්වල.මට ඇත්තටම තවත් දිනා ගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ‘ ටොම් පවසන්නේ හදවතින්මය.



අදහස් (0)

ලොතරැයි කෝටි 490ම පිනට

මනෝජ් තරංග Sunday, 22 December 2013 03:26 PM

අන්න මිනිස්සු. මොලොවටත් කරගෙන එළොවටත් කර ගන්නවා. (ත)

:       0       0

මෙන්ඩිස් Monday, 23 December 2013 08:00 AM

නියම බෞද්ධයෙක්. හොඳ ආදර්ශයක්.(නදී)

:       0       0

චරිත සමීර Monday, 23 December 2013 08:20 AM

උපතින් අබෞද්ධ උනත් නියම බෞද්ධයෝ.(නදී)

:       0       0

කුමාරි Monday, 23 December 2013 09:10 AM

බෝධිසත්ව ගුණය ඇති පියෙක්. දිර්ඝායු වේවා! (ස)

:       0       0

නොයෙල් Monday, 23 December 2013 10:30 AM

හොඳ උත්කෘෂ්ට හදවතක් ඇති මිනිසෙක්.(නදී)

:       0       0

නන්දන Monday, 23 December 2013 11:28 AM

ඉතා ශ්‍රේෂ්ට මිනිසෙක්. ලංකාවේ ඕක උනානම් හැංගිලා තමා ඉන්න වෙන්නේ . ඒ මදිවට පොලිසියෙන් බේරෙන්නත් එපැයි. එක්කෝ උස්සලා මරයි නැත්නම් කේ.පි.ට වගේ රජ සැප. (නදී)

:       0       0

සුමංගල - ඇල්පිටිය Sunday, 22 December 2013 11:34 AM

මෙහේ උනා නම් ටොම් ක්‍රිස්ට් ගේ හත් මුතු පරම්පරාවම අඳුනගන්න තිබුනා.(නදී)

:       0       0

සිරී Sunday, 22 December 2013 10:33 PM

අපේ කාලයේ වෙස්සන්තර කෙනෙක්. ඔබට දීර්ඝායු බොහෝ වේවා!(නදී)

:       0       0

විජේබාහු Tuesday, 24 December 2013 11:24 AM

ඇත්තටම අපි අද දකින්නේ සල්ලි වලින් බිහිවුණු අධර්මිෂ්ට සමාජයක්...ඉතින් මේ වගේ ශ්‍රේෂ්ඨ මනසක් තියෙන සැබෑ මනුස්සයෙක්.... (ස)

:       0       0

ඉන්දික Sunday, 22 December 2013 12:12 PM

විශිෂ්ට මිනිසෙක්. සරල ජීවිතය සතුට කැඳවයි.(ත)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 22 December 2013 02:15 PM

දීර්ඝායු වේවා! (නදී)

:       0       0

ප්‍රීනා Monday, 23 December 2013 07:25 AM

සුපිරි ගනයේ පුද්ගලයෙක්. විශිෂ්ට ක්‍රියාවක් ! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site