ලැට්වියාවේ අගනුවර වන රිගාහි පිහිටි සුපිරි වෙළෙඳ සැලක වහළයක් කඩාවැටීමෙන් 40 දෙනකු මියගිය බව විදෙස් මාධ්‍ය කියයි.
කුඩා ප්‍රාන්තයක් වන බෝල්ටික්හි සිදුවු මෙම අනතුර 1991 පසු එරට සිදුවු විශාලම ඛේදවාචකය බව පැවසේ. මේ හේතුවෙන් ලැට්වියාවේ සෙනසුරාදා සිට දින තුනක ශෝකකාලයක් ද ප්‍රකාශ කර තිබේ.
සුපිරි වෙළෙඳසැලේ වහලය කඩාවැටී ඇත්තේ වෙළෙඳ සැළට පාරිභෝගිකයන් බොහෝමයක් පැමිණ සිටියදීය. සිද්ධිය වූ අවස්ථාවේදීම සහන සේවකයන් එම ස්ථානයට පැමිණි අතර ඉන්පසුවද වහලයේ තවත් කොටසක් කඩා වැටීම නිසා සහන සේවයකන්ද ඒ තුළ සිර වී ඇත.
පොලිස් වාර්තා සඳහන් කරන්නේ මේ වන විට මළ සිරුරු 40ක් හමු වි ඇති බවයි. තවත් 38 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සහන සේවකයෝ කියති.
තුවාල ලැබුවන් බේරාගැනීම සඳහා ආරක්ෂක අංශ හා සහන සේවකයෝ 200ක් පමණ යොදවනු ලැබ සිටිති.
සිද්ධිය වූ ස්ථානයට එරට අග්‍රාමාත්‍යවරයා ද පැමිණි අතර ඔහු පොලිසියට නියෝග කළේ සුපිරි වෙළෙඳ සැලේ වහලය කඩාවැටීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි. .
2025 දෙසැම්බර් මස 18
544
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1071
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලැට්වියාවේ වෙළෙඳසැලක වහළයක් කඩා වැටේ
මධූ Friday, 22 November 2013 09:36 PM
අනේ අපෝයි !! (නි)
මධු Friday, 22 November 2013 10:03 PM
සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි (නි)
චන්දි Saturday, 23 November 2013 02:27 AM
රට වැසියන්ට ආදරේ ඇති අග්‍රාමාත්‍ය කෙනෙක්. මියගිය අයට නිවන් සුවයත් තුවාලකරුවන්ට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරමු. (නි)