ලැට්වියාවේ අගනුවර වන රිගාහි පිහිටි සුපිරි වෙළෙඳ සැලක වහළයක් කඩාවැටීමෙන් 40 දෙනකු මියගිය බව විදෙස් මාධ්‍ය කියයි.
කුඩා ප්‍රාන්තයක් වන බෝල්ටික්හි සිදුවු මෙම අනතුර 1991 පසු එරට සිදුවු විශාලම ඛේදවාචකය බව පැවසේ. මේ හේතුවෙන් ලැට්වියාවේ සෙනසුරාදා සිට දින තුනක ශෝකකාලයක් ද ප්‍රකාශ කර තිබේ.
සුපිරි වෙළෙඳසැලේ වහලය කඩාවැටී ඇත්තේ වෙළෙඳ සැළට පාරිභෝගිකයන් බොහෝමයක් පැමිණ සිටියදීය. සිද්ධිය වූ අවස්ථාවේදීම සහන සේවකයන් එම ස්ථානයට පැමිණි අතර ඉන්පසුවද වහලයේ තවත් කොටසක් කඩා වැටීම නිසා සහන සේවයකන්ද ඒ තුළ සිර වී ඇත.
පොලිස් වාර්තා සඳහන් කරන්නේ මේ වන විට මළ සිරුරු 40ක් හමු වි ඇති බවයි. තවත් 38 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සහන සේවකයෝ කියති.
තුවාල ලැබුවන් බේරාගැනීම සඳහා ආරක්ෂක අංශ හා සහන සේවකයෝ 200ක් පමණ යොදවනු ලැබ සිටිති.
සිද්ධිය වූ ස්ථානයට එරට අග්‍රාමාත්‍යවරයා ද පැමිණි අතර ඔහු පොලිසියට නියෝග කළේ සුපිරි වෙළෙඳ සැලේ වහලය කඩාවැටීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි. .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපෝයි !! (නි)
සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි (නි)
රට වැසියන්ට ආදරේ ඇති අග්‍රාමාත්‍ය කෙනෙක්. මියගිය අයට නිවන් සුවයත් තුවාලකරුවන්ට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරමු. (නි)