IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ලෝක බැංකුවෙන් බිලියන 1.34 ක් යුක්රේනයට

රුසියන් ප්‍රහාරවලින් බැටකන යුක්රේනයට, ඇමෙරිකන් ඩොලර් බිලියන 1.34 ක මුදල් ආධාර පැකේජයක් හිමිවිය.

රුසියන් ආක්‍රමණය හේතුවෙන් අඩපණ වුණු යුක්රේනයට ආර්ථික ස්ථාවරත්වයක් ලබා දීමේ අපේක්ෂාවෙන්, මෙම මුදල් ආධාර ලබා දුන් බව ලෝක බැංකුව අවධාරණය කර තිබේ.
රුසියන් ආක්‍රමණය හමුවේ, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය, යුක්රේනයට මුදල් ආධාර සහ යුද ආධාර ලබා දෙයි.

යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 60 ක මුදලක් ලබා දීමට බයිඩන් පරිපාලනය තීරණය කර ඇති නමුත්, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතිය ඊට හිමිවී නැත. ඒ ප්‍රතිවාදී රිපබ්ලිකන් පාක්ෂිකයන් එම යෝජනාවට විරෝධය පළ කරන බැවිනි.

ලෝක බැංකුවේ සහාය යුක්රේන රජයට හිමිවූයේ එවැනි අවස්ථාවකය. යුරෝපා සංගමයෙන් ද යුක්රේන රජයට මුදල් ආධාර ලැබීමට නියමිත නමුත් එම මුදල් ද ප්‍රමාද වී තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ලෝක බැංකුවෙන් බිලියන 1.34 ක් යුක්රේනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 298 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site