දෙවසරකදී රුපියල් දෙකෝටියක ආසන්න මුදලක් වැය කර ලෝක උරුම 962 ක්   නැරැඹීමේ සංචාරයක් සදහා  චීන සිසුවකු හා  ඉතාලි ව්‍යාපාරිකයකු ඉදිරිපත් වී සිටින බව සී එන් එන් පුවත් සේවය කියයි.

දිය යට දර්ශනීය ස්ථාන මෙන්ම ඉපැරණි ශිෂ්ටාචාරය පෙන්වන නටඹුන්ද සොබාවික තැන්ද ශෘහ නිර්මාණ ශිල්පයේ දස්කම් විස්කම්ද ඊට ඇතුළත් වේ.

 සී එන් එන් පුවත් සේවය එම ලෝක උරුම අතුරින් තෝරා ගත් උරුම 20 ට ශ්‍රී ලංකාවේ සිගිරීයද ඇතුළත්ය.කාම්බෝජයේ ඇන්කෝර් පන්සල , ග්‍රීසියේ  ඇක්රෝපොලිස් ,මියන්මාරයේ බගාන්, ඉක්වදෝරයේ ගලාපාගොස්, තුර්කියේ ගොරේමේ ජාතික උද්‍යානය, ඕස්ට්‍රේලියාවේ මහා බාධක ගල් පරය,ඉන්දියාවේ හම්පි, බ්‍රසීලයේ ඉගුආසු ජාතික වනෝද්‍යානය,ආර්ජන්ටිනාවේ ලොස් ග්ලැසියර ජාතික උද්‍යානය, පේරු රාජ්‍යයේ මචු පිච්චු  ,ප්‍රංශයේ මොන්ට් සෙන්ට් මයිකල්  ,ජෝර්දානයේ පෙඩ්රා,ඊජීප්තුවේ  ඊෂා පිරමිඩ,චිලියේ රපා නුයි,රුමේනියාවේ සෙරෙන්ගි ජාතික උද්‍යානය,ශ්‍රී ලංකාවේ සීගිරිය, මෙක්සිකෝවේ තුලුම්,මොල්ටාවේ වැලෙන්ටා,ඉතාලියේ වැනීසිය හා කළපුව ,ඇමෙරිකාවේ යෙලෝස්ටොන් ජාතික උද්‍යානය එම උරුමයෝය.