ඇමෙරිකන් බුද්ධි අංශ රහස් හෙළි කරමින් ඇමෙරිකන් රජයේ උදහසට ලක්වී සිටින එන්.එස්.ඒ. කොන්ත‍්‍රාත්කරු එඞ්වඞ් ස්නෝව්ඩන්, ලතින් ඇමෙරිකා රාජ්‍යයන් වන එක්වදෝරයට හෝ කියුබාවට හෝ පලා යෑමට සූදානමින් සිටින බවත්, මේ වනවිට ඔහු රුසියාවේ මොස්කව් නුවර ගුවන්තොටුපොළක සැඟවී සිටින බවත් ‘රොයිටර්’ පුවත් සේවය ඊයේ (27) අනාවරණය කළේය.
ඇමෙරිකානු රජය සී.අයි.ඒ බුද්ධි අංශයේත් එන්.එස්.ඒ. ආරක්ෂක අංශයෙත් සහාය ඇතිව, දුරකතන ඇමැතුම්වලට කන් දෙමින් සහ ඊ මේල් පණිවුඩ කියවමින් ඇමෙරිකානු වැසියන් ගැන ඔත්තු බලන බව ලොවට හෙළි කළේ ස්නෝව්ඩන්ය.
ස්නෝව්ඩන්, ඇමෙරිකා රහස් ලොවට හෙළි කළේ මීට සති කිහිපයකට පෙරය. ඒ, හොංකොං බලා පැමිණීමෙන් පසුවය.
රහස් හෙළි කළ අවස්ථාවේ සිට ස්නෝව්ඩන් ඇමෙරිකාවට ගෙන්වා ගෙන ඔහුට එරෙහිව නීති මගින් පියවර ගැනීමට ඇමෙරිකාව සූදානමින් සිටී. ඔබාමා පරිපාලනය රුසියානු රජයෙන් ඉල්ලා ඇත්තේ ස්නෝව්ඩන් වහාම තමන්ට බාර දෙන ලෙසටය.
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රහස් හෙළි කළ ස්නෝව්ඩන් මොස්කව් ගුවන්තොටේ සැඟවිලා
සුදේශ් Friday, 28 June 2013 01:30 PM
ඉතින් ඔයා එන්නකෝ ලංකාවට (නි)
නිල්මිණි Friday, 28 June 2013 01:38 PM
අනේ මෝඩ කුමාරි,මෙයා යන යන තැන් කිය කියා යන්නේ නැහැ. දැන් මෙයාව ලෝකේ ඕනෑ කෙනෙක් දන්නවා. කැමරාකාරයෝ වට වෙලා ඉන්නේ කොහෙද යන්නේ බලාගෙන (නි)
මස්ලම් Saturday, 29 June 2013 10:56 AM
ඔයා ලංකාවට ඇවිත් සන්දානයෙන් උතුරට ඡන්දෙ ඉල්ලන්නකෝ අනේ.(නදී)
උදය Sunday, 30 June 2013 04:22 AM
මොහු ඇමෙරිකාවට ජාති ද්‍රෝහියෙකි . ලොවට මානව හිතෛෂියෙකි (නි)
කුමාරි Friday, 28 June 2013 12:31 PM
මෙයා මෙහෙම යන යන තැන් හෙළිකරන එකෙන් එයාගේ ජීවිතයට තර්ජනයක් ඇති වෙන්නෙ නැද්ද? (නි)
සමන් Monday, 01 July 2013 04:23 PM
ලංකාවට ඇවිත් විමලේ එක්ක සෙට් වෙලා ඇමෙරිකන් එම්බසි එක ලග උපවාස කරන්න.(නදී)