තමන් සතුව ඇති රසායනික අවි විනාශ කර දැමීමට ඇමෙරිකන් ඩොලර් බිලියනයක මුදලක් වැය වන බව සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් කියා සිටී.
සිරියාවේ රසායනික අවි අන්තර් ජාතික පාලනයකට නතු කොට ඒවා විනාශ කර දැමීමට සිරියානු රජය මේ වනවිට කැමැත්ත පළ කළ ඇත.
එම යෝජනාවට ඇමෙරිකාවේත් සෙසු බටහිර රටවලත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් අනුමැතිය හිමි වී තිබේ. යෝජනාව සකස් කළේ සිරියානු රජයේ හිතවතා වන රුසියාව මැදිහත් වීමෙනි.
එම යෝජනාවට අනුව වසරක් ඇතුළත සිරියානු රජය සතු රසායනික අවි තොග එක් රැස් කර විනාශ කළ යුතු යැයි ඇමෙරිකාව පවසා ඇත. සිරියානු රජය පවසන්නේ, තම රසායනික අවි එක් රැස්කර විනාශ කිරීමට වසරකට වඩා වැඩි කාලයක් ගත වනු ඇති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd