සිරියානු රජයට අයත් ප‍්‍රදේශයක නවතා තිබූ රුසියානු යුද නෞකාවකට ඊශ‍්‍රායාලය ගුවන් ප‍්‍රහාර එල්ල කළ බව සිරියානු බලධාරීහු පැවසූහ.එමෙන්ම ඇමෙරිකා එක්සත් පවසා සිටියේ ඊශ‍්‍රායාලය යුද ගුවන් යානා යොදාගනිමින් සිරියාවේ ලටාකියා ප‍්‍රදේශයට ප‍්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
2014 වසරේ අවසන් වීමට පෙර සිරියාවේ රසායනික අවි ඉවත් කිරීමට සිරියා ජනපති බෂාර් අල් අසාද් එකඟතාවය පළ කළේ සිරියාවට ජාත්‍යන්තරයෙන් කිසිදු යුද බලපෑමක් එල්ල නොවන පොරොන්දුව මතය.
ඔබාමා පාලනය කියා සිටියේ ඊශ‍්‍රායාල ගුවන් ප‍්‍රහාරය ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලා කණ්ඩාමයට සපයන මිසයිල ඉලක්ක කරගෙන සිදුවූ බවයි.මෙම ප‍්‍රදේශයේ පිහිටි වරාය උපක‍්‍රමික වශයෙන් වැදගත් කමක් දරන අතර මෙම ප‍්‍රදේශ වල හා සිරියානු හමුදාවන්ට අයත් ගුවන් හා හමුදා කඳවුරු වල පිපිරීම් සිදුව ඇතැයිද වාර්තා වේ.
ඊශ‍්‍රායාල පවසා සිටියේ හිස්බුල්ලා ගරිල්ලන්ට විරුද්ධව යුදමය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි.මේ ආකාරයෙන් ඊශ‍්‍රායාල හමුදා පසුගිය ජනවාරි මාසයේදි හිස්බුල්ලා ගරිල්ලන්ට ගුවන් ප‍්‍රහාර එල්ල කරන ලදි. හිස්බුල්ලා ගරිල්ලන්ට සිරියා රජය සහාය දක්වන බව ද ඊශ‍්‍රායාල වාර්තා වැඩිදුරටත් සඳහන් කරසිටී.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඊශ‍්‍රායාල හෝ සිරියාව නිල ප‍්‍රකාශයක් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම මෙම පුවත ගෙන වෙන කිසිම ආරංචියක් නැහැ . මෙය එත්තක් නම් ඉස්රායෙල් පාඩමක් ඉගෙන ගන්නවා . නිදා ඉන්න කොටි නැගිට්ටවලා (ස)
රුසියාවට දැන් කරන්න පුළුවන් දෙයක් නැත. වෙනත් ලෝක බලවතුන්ව පිලිගන්න අකමැත්තෙන් හරි. (නදී)
රුසියන් නැවකට පහර දුන්න කියල කොහෙද කියල තියෙන්නෙ.(නදී)
මේ පාර ඊශ්‍රායලය ඉල්ලන් කන්න හදන්නේ (නි)
කුරුස යුද්ධය මුළු ලොවම වෙලාගෙන ඇත. (නි)
රුසියන්කාරයා ඊශ්‍රයල්කාරයාට ගහන්න හැවොත් ඊශ්‍රායල්කාරයා දුවල දුවලා ගිහිල්ලා ඇමරිකන් කාරයාගේ කලිසම අස්සේ. හැංගෙනවා. හැමදාම ඕක තමයි වෙන්නේ. ඉතින් කොහොමද ගහන්නේ? (නදී)
ඊශ්‍රයලේ යුද්ධ වලට කුරුස සම්බන්ධයක් නැහැ ප්‍රදීප්. ඊශ්‍රායෙල් රට ජුදා, ඉස්ලාමීය, ක්‍රිස්තියානි ආගම් තුනටම වැදගත් වුණාට මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ "සමහර" ජුදා සහ "සමහර" ඉස්ලාමීය අය අතර ගැටුමක්. ඒත් ඇත්තම කතාව දේශපාලන ප්‍රශ්නයක්. මේ ආගම් තුනම මේ වගේ යුද්ධ වල වෙන ගොඩක් දේවල් වලට විරුද්ධයි. ඒකෙන් පේනවා මේ යුද්ධ දේශපාලන හේතු කියලා.(නි)
ඊශ්‍රායලය තම යුදෙව්වන් බුරුතු පිටින් ඇමෙරිකානු පුරවැසියන් වීමට ඉඩ හැර ඔවුන් සියල්ලන්ටම ඊශ්‍රායල් ද්විත්ව පුරවැසි බව පවත්වා ගැනීමට සියලු පහසුකම් සලසා දී ඇත. මෙය ඉතා වැදගත් සැගවුණු යථාර්තයයි. මෙමගින් ඇමෙරිකාවේ ඉතා ප්‍රභල ආර්ථික හා දේශපාලනමය වේදිකාවක් යුදෙව්වන් පවත්වාගෙන යනු ඇති අතර එය කුඩා රටක් වන ඊශ්‍රායලයට සදා හිතවාදී රැකවරණයක් සලසන්නකි. නමුත් අවාසනාවකට ලංකාව මීට පටහැනි උපාය මාර්ග ගෙන යයි. කැනඩාව අද ලංකාවට හරස් වෙන්නේ එහි ඇති දෙමල ඡන්ද පදනම නිසයි. බටහිර රටවල ශ්‍රී ලංකික ද්විත්ව පුරවැසියන් වැඩි කරගැනීමෙන් ලංකාවේ අපටද අනාගතයේ මීට කිට්ටු ප්‍රභල සහයෝගයක් අන්තර්ජාතික වේදිකාවේ ලබාගන්න පුළුවන්. මෙය දකින්නේ නැති නිලධාරිවාදය ලංකික ද්විත්ව පුරවැසි නීති සංශෝධනය කරගැනීමට නොහැකිව දැනට වසර 3ක් තිස්සේ එය අත්හිටුවා හෝ කටුගා දමා ඇත.(නදී)
කමෝන් ඊශ්‍රායල්! (නි)
රුසියාවට ගහල ඊශ්‍රායලය හදන්නේ නයාට ගහල පොල්ල වරද්දගන්න. පුටින්ට පුළුවන් ඊශ්‍රායලය මේ ලෝක සිතියමෙන් අතුගාල දමන්න එක රැයකින් (නදී)
ඊශ්‍රායලය අයින් කරන්න කැමති අය ඉන්නවා. එදත් හිටියා. හැබැයි ඒක ලේසි වෙන එකක් නම් නැහැ. (නදී)
සද්දන්ත රුසියාව කොනිත්තලා ඊශ්‍රායලය සිතියමෙන් මැකෙන්නයි හදන්නේ (නි)
ඊශ්‍රායලය රැකීමට සියලුම් බටහිර රටවල් සහ රුසියාව සිටිනවා . එහෙයින් ඊශ්‍රායලය නැතිවීමක් වෙන්නේ නැහැ. . යුදෙව්වන් බොහෝ ප්‍රමාණයක් එම රටට වඩා ජිවත් වන්නේ යුරෝපයේ රුසියාවේ සහ ඇමරිකාවේය. එම රටවල ආර්ථිකය රඳා පවතින්නේ ඔවුන් අතය . එමෙන්ම මාධ්‍ය මෙහෙයෙවිම ඔවුන් ඇත . එනිසා යුදෙව්වන් රැක ගෙනීම බටහිර රටවල් සහ රුසියාව ඇමරිකාව කෙපවී කටයුතු කරනවා . මම සිතන්නේ මෙම පුවත බොරුවක් බවය . වෙනත් කිසිම පුවත් පතක හෝ ගුවන් විදුලියේ රුපවාහිනියක මෙය ඇසුවේවත් දුටුවේවත් නැත. මෙම පුවත පළකර තිබෙන්නේ නොදෙනුවත් කමක් පිට වෙන්නට පුළුවන් (නදී)