
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ආරම්භ වුණු යුද ගැටුම් අවසන් කරමින් දේශපාලන විසඳුමකට යෑමට තමන් සහාය ලබා දීමට සුදානම් යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.
රුසියන් ජනාපධිති පුටින් මෙසේ පවසා ඇත්තේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ දුරකතන සාකච්ඡාවක් පවත්වමිනි. එහිදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු තරයේ පවසා ඇත්තේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමා, හමාස් සංවිධානය අඩපණ කරන තුරු සටන් අත්නොහරින බවය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට පෙර, රුසියන් ජනාධිපති පුටින් ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, සිරියානු ජනාපධිති බෂාර් අල් අසාද්, ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී සහ පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමඩ් අබ්බාස් සමඟ ද සාකච්ඡා කළේ යැයි ක්‍රෙම්ලීනය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන බලවතුන්ගේ මිත්‍ර සාකච්ඡා, ඔවුනොවුන්ගේ අන්‍යොන්‍ය සම්බන්ධතා ඇති වීම සතුටට කාරණයක්.. කෙසේනමුත් රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රවේශය වැදගත්... එකඟවීම නොවීම ඊශ්‍රායලය සතු තීරණයකි...
අනුර කුමාරට කරන්න පුළුවන් මේක...!