ප්‍රචණ්ඩකාරී සිරකරුවන් සන්සුන් කිරීමේ අරමුණින් ඔවුන්ගේ සිරකුටි රෝස පැහැයෙන් පින්තාරු කිරීමට ස්විට්සර්ලන්තයේ බන්ධනාගාරය සැරැසෙයි.

ස්විට්සර්ලන්තය පුරා බන්ධනාගාර වල අඩුම තරමින් රෝස පැහැයෙන් පින්තාරු කළ සිරකුටි එකක් හෝ දැන් ඇත.

සිරකුටි රෝස පැහැ ගැන්වීම පසුපස ඇත්තේ මනෝවිද්‍යාත්මක පදනමකි.රෝස පැහැය දකින විටදී මනස සන්සුන් වන බව මනෝවිද්‍යාඥයෝ කියයිති.

බලධාරීන් පවසන අන්දමට මෙම ක්‍රමයෙන් හොද ප්‍රතිඵල ලැඛෙමින් පවතී.දැන් ස්විට්සර්ලන්තයේ පොලිසිවලද  රෝස පැහැ කුටි ඇති කිරීමට යයි.

රෝස පැහැ සිරකුටියකට දමනා කළහකාරී සිරකරුවන් ඉක්මනින්ම සන්සුන් වන බව බන්ධනාගාර නියාමකයෝ කියති.

සන්සුන් වීම හෝ නොවීම කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිරකරුවන්ට ඇත්තේ වෙනත් අදහසකි.රෝස පැහැ සිරකුටියකට යනවා යනු ගැහැණු ළමයෙකුගේ නිදන කාමරයකට ගියා වැනි යැයි ඔවුන් කියයි.මෙවන් සිරකුටියකට යෑමට සිදුවුවහොත් පසුවට තම සිරගෙදර සගයින්ගේ නින්දා අපහාස වලට ලක්වීමට සිදුවන බව ඔවුහු පවසති.