IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රෝස පාට මනස සන්සුන් කරයි

ප්‍රචණ්ඩකාරී සිරකරුවන් සන්සුන් කිරීමේ අරමුණින් ඔවුන්ගේ සිරකුටි රෝස පැහැයෙන් පින්තාරු කිරීමට ස්විට්සර්ලන්තයේ බන්ධනාගාරය සැරැසෙයි.

ස්විට්සර්ලන්තය පුරා බන්ධනාගාර වල අඩුම තරමින් රෝස පැහැයෙන් පින්තාරු කළ සිරකුටි එකක් හෝ දැන් ඇත.

සිරකුටි රෝස පැහැ ගැන්වීම පසුපස ඇත්තේ මනෝවිද්‍යාත්මක පදනමකි.රෝස පැහැය දකින විටදී මනස සන්සුන් වන බව මනෝවිද්‍යාඥයෝ කියයිති.

බලධාරීන් පවසන අන්දමට මෙම ක්‍රමයෙන් හොද ප්‍රතිඵල ලැඛෙමින් පවතී.දැන් ස්විට්සර්ලන්තයේ පොලිසිවලද  රෝස පැහැ කුටි ඇති කිරීමට යයි.

රෝස පැහැ සිරකුටියකට දමනා කළහකාරී සිරකරුවන් ඉක්මනින්ම සන්සුන් වන බව බන්ධනාගාර නියාමකයෝ කියති.

සන්සුන් වීම හෝ නොවීම කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිරකරුවන්ට ඇත්තේ වෙනත් අදහසකි.රෝස පැහැ සිරකුටියකට යනවා යනු ගැහැණු ළමයෙකුගේ නිදන කාමරයකට ගියා වැනි යැයි ඔවුන් කියයි.මෙවන් සිරකුටියකට යෑමට සිදුවුවහොත් පසුවට තම සිරගෙදර සගයින්ගේ නින්දා අපහාස වලට ලක්වීමට සිදුවන බව ඔවුහු පවසති.



අදහස් (0)

රෝස පාට මනස සන්සුන් කරයි

රන්ජනී Thursday, 12 September 2013 02:11 PM

මම කියන්නේ මනස සන්සුන් කරන්නේ සුදු පාට කියලා. (නි)

:       0       0

රංග Thursday, 12 September 2013 02:11 PM

මේක අපි ශ්‍රී ලංකාවෙත් කරමුකෝ (නි)

:       0       0

දර්ශන් Friday, 13 September 2013 06:51 AM

කුමාරගේ අදහස් ඉතා වටිනවා,පාලකයින්ට මෙම අදහස යොමුකරන්න පුළුවන් නම් හොදයි. යෝග ව්‍යායාම ඉතා හොඳ බව පුද්ගලිකව දනිමි. පාසල් වලත් මේවා තිබුනොත් සිසුන්ට වගේම ගුරුවරුන්ටත් හොඳයි. (නි)

:       0       1

කුමාර Thursday, 12 September 2013 10:16 PM

රෝස පාට ගානවා වෙනුවට භාවාත්මක,ශාස්ත්‍රීය සංගීතයන් යොදාගෙන භාවනාව පුහුණු කිරිම,යෝග ව්‍යායාම කිරිම තුලින් මනස සංවර කිරිම හොඳයි. මොකද භාවනාවීදී ඇස් පියාගන්නා නිසා පාට පිලිබඳ ප්‍රස්නයක් නැත. අපේ අයට සුද්දෙක් බලු ජරාවක් ලස්සන වෙනවා කියලා දුන්නොත් නහය වහගෙන හරි ඊකත් කාවි (දී)

:       1       0

ප්‍රියන්ත Thursday, 12 September 2013 12:49 PM

නියම අදහස, අපේ පාර්ලිමේන්තුවේත් රෝස පාට ගාලා මන්ත්‍රිලට රෝස පාට ඇඳුමකුත් අන්දමුද ???? (ස)

:       0       1

ප්‍රාර්ථනා Thursday, 12 September 2013 01:52 PM

වටිනා අදහසක්, එවැනි රටවල් සිරකරුවන්ගේ කුටිවල වර්ණයත් තීරණය කරන්නේ යම්කිසි පදනමක් ඇතුවයි. මගේ පෞද්ගලික අදහසනම් මනස සන්සුන් කරන්නේ ලා කහ පාට කියාය. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site