රූපවාහිනී රියැලිටි වැඩසටහන් වලින් මවා පාන සිහින ලෝකයක ජීවත් වන බි‍්‍රතාන්‍යය තරුණ පරම්පරාවට රැකියා අවස්ථා ලබාදෙනවාට වඩා එම අවස්ථා විදෙස් රටවලින් පැමිණෙන ශ‍්‍රමිකයින්ට ලබාදීමට බි‍්‍රතාන්‍යයේ සමාගම් කටයුතු කරමින් සිටින බව සමික්ෂණයකින් හෙළිව ඇත.
බි‍්‍රතාන්‍යයේ ආර්ථික හා සමාජ පර්යේෂණ ආයතනය සිදුකර ඇති මෙම සමිීක්ෂණයට අනුව විදෙස් ශ‍්‍රමිකයින් දේශීය ශ‍්‍රමිකයින්ට වඩා වෙහෙසවී වැඩෙහි යෙදෙන්නේ යැයි බි‍්‍රතාන්‍යයේ නම ගිය සමාගම් බහුතරයකගේ අදහස වී තිබේ.
මෙවන් තත්ත්වයක් උද්ගත වීමට හේතු පිළිඹදවත් සොයාබලා ඇති අතර එහිදී අනාවරණයව තිබෙන්නේ රූපවාහිනී රියැලිටි වැඩසටහන් වල පෙන්වනවාක් මෙන් විනාඩි 5 න් ජනපි‍්‍රය විය හැකි යැයි බි‍්‍රතාන්‍යය තරුණ පරම්පරාවේ බහුතරය සිතා සිටින බවයි.ඉගෙනීම ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැති නිසා ඔවුන්ට අවසන ඉතිරි වන්නේ පාසලින් ලත් අස්වීමේ සහතිකය පමණක් බවත් මෙනිසා විවිධාකාර නිපුණතා වලින් පිරි විදෙස් ශ‍්‍රමිකයින් හා තරග කිරීමට ඔවුනට හැකියාවක් ඇත්තේම නැති තරම් බවත් ආර්ථික හා සමාජ පර්යේෂණ ආයතනය කියයි.
බි‍්‍රතාන්‍යයට සංක‍්‍රමණිකයින් පැමිණීම රටට ගැටලූවක් වී ඇතත් උද්ගතවී ඇති තත්ත්වය හමුවේ බි‍්‍රතාන්‍යය කි‍්‍රයාත්මක වන්නේ සංක‍්‍රමණිකයින්ගේ දායකත්වය නිසාවෙන්ම බවත් සමිීක්ෂණ වාර්තාවේ සදහන් වේ’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්ඩිස් , මම නම් ඔයාගේ අදහසට ලංසු තබන්නේ රත්තරන් හෝ දියමන්ති වලින් නොව "ප්ලැටිනම්" වලිනි. (ස)
ආරියසේන සහ නුගේගොඩ කෙටියෙන්ම කිව්වා සම්පුර්ණ ඇත්ත තත්වය. විජේසිරි සුද්දෝ,අපි රස්සාවට ගිය ගමන්ම, අපිව ගණන් ගන්නේ නැ තමයි. සුද්දන්ට වැඩිය අපි වැඩ පෙන්නන්න ගත්තහම, ඉස්සෙල්ලාම සුද්දෝ අපිට දෙකට නැවෙනවා. ඊට පස්සේ සුද්දෝ අපිට බඩු ගේන්න කඩේ යනවා. සත්තක ඇත්ත මම මේ කියන්නේ.(නදී)
ලංකාවේ අයව සුද්දෝ සත පහකට ගණන් ගන්නේ නෑ කියන්නේ ඇත්තද? (ස)
නිපුණතා සහතිකය ඇත්නම් අපට බොහෝ දේ කල හැකියි. යුරෝපිය සිහිනය සැබෑ කර ගැනීම ඉතාම පහසුයි. (ස)
තරුණ තරුණයින්ගේ පාසල් සහතිකය හා උපාධි සහතික වලට වැඩිය නිපුණතා සහතිකය සහ පළපුරුද්දට රැකියාවකට බඳවා ගැනීමේදී මුල් තැන ලැබේ. (නි)
මෙන්ඩිස්, ඔබේ අදහස් වලට අපිද එකග වෙමු. දිල්ෂාන්, අමාරු වැඩේ ආවොත් රැකියාවක් සොයා ගැනීමට වඩා පැමිණීමට වීසා හදා ගැනීමය. (දී)
විකාර වැඩ අනේ (දී)
අපේ රට පාලනය කරන 8 පාස් කරපු නැති කසිප්පුකාරයන්, මත් කුඩුකාරයන් . පත් කරන්නේ අපේම නුගත් ජනතාව. ජනතාව දැනුවත් වෙන තුරු සහ බංකොලොත් දේශපාලුවන්ට කඩේ යෑම කරනා තුරු මේ ක්‍රමය වෙනස් වන්නේ නැත. පක්ෂයකට බැදී සිටීමත් අන්ධව සිටීමකි (නි)
නමෝ විත්තියෙන් අපිත් මොනවා හරි කරමු නේද ? (නි)
ලංකාවත් මේ යන විදියට ගියොත් කවදා හරි ඕක තමා වෙන්නේ. හිතා ඉන්නේ නැටුවමයි සින්දු කිව්වමයි (ඒකත් අනුන්ගේ කොපි) ඔක්කොම හරි කියලානේ. අපේ ළමයින්ටත් තාරකා උන්මාදේ බලෙන් හදවත් වල පුරවලා ඉදිරි පරම්පරාව පුස්සෝ කරවනවා. කවදා හරි ලංකාව දියුණු වුණහම ඉන්දියන්කාරයෝ රොත්ත පිටින් ඇවිල්ලා මෙහෙ පදිංචි වෙලා අඩු පඩියට වැඩ කරාවි. එදාට අපේ අයට වෙන්නේ ඉතින් උඩ බලාගෙන ඉන්න. ලංකාවේ අපේම ආයතනයක වැඩ කරන ගමන් ඉන්දියන්කාරයෙකුට 'සර්' කියන්න වෙන එක හොඳයිද? රට යන අත පේන හිතේ අමාරුවට ලිව්වේ (නි)
අපේ මිනිස්සු මෝඩයි. උගත් මිනිහෙක් ඡන්දෙ ඉල්ලුවොත් ඇපත් නැ හැ. (නදී)
ඇත්ත ටෙරෙනවාද (දී)
අපේ රටට දොස් කියන්න එපා.මේ රත්තරන් දේශය පාලනය කරන කසිප්පුකාරයෝ, කුඩුකාරයෝ, අට සමත් නැති අයගේ තීරණ නිසා අපේ රට ඉන්දියාවේ දංගෙඩියට තියලා තියෙන්නේ ! (නි)
මැන්ඩිස් හරියටම හරි. කට්ටිය හිතන් ඉන්නේ අපි ඉන්දියාවට වැඩිය ඉදිරියෙන් කියලා.(නදී)
මිනිසා හදට ගියාලු... මිනිසා දියුණු වෙලාලු.... ලෝකේ උමතු වෙලාලු.... (නි)
හේමන්ත,මම ඉන්නෙත් ඔය කියන රටේ තමා. මැරෙනවා නම් කොහේ හිටියත් මැරෙනවා. අපි ලංකාවෙන් ගන්න පඩිය මොකක්ද කියලා හිතෙනවා. මම උපයන මුදලෙන් සෑහෙන මුදලක් ගෙවනවා ඉන්න තැනට. ලොකු ඉතුරුවකුත් තිබෙනවා. මම නම් කියන්නේ පුළුවන් කෙනෙක් මෙහෙට එන්න කියලා. අාවොත් රැකියා හොයලා දෙන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි ටිකක් කතා කරන්න පුලුවන් නම් හොදයි (නි)
මෙන්ඩිස්, පංකාදු වචන ටික. මගෙන් 5ක් ඔන්න (නි)
එහෙ ගිහින් මැරුම් කනවට වඩා උපන් දේශයේ බඩගින්නේ ඉන්න එකත් දාහෙන් සම්පතයි. (නි)