රූපවාහිනී රියැලිටි වැඩසටහන් වලින් මවා පාන සිහින ලෝකයක ජීවත් වන බි‍්‍රතාන්‍යය තරුණ පරම්පරාවට රැකියා අවස්ථා ලබාදෙනවාට වඩා එම අවස්ථා විදෙස් රටවලින් පැමිණෙන ශ‍්‍රමිකයින්ට ලබාදීමට බි‍්‍රතාන්‍යයේ සමාගම් කටයුතු කරමින් සිටින බව සමික්ෂණයකින් හෙළිව ඇත.

බි‍්‍රතාන්‍යයේ ආර්ථික හා සමාජ පර්යේෂණ ආයතනය සිදුකර ඇති මෙම සමිීක්ෂණයට අනුව විදෙස් ශ‍්‍රමිකයින් දේශීය ශ‍්‍රමිකයින්ට වඩා වෙහෙසවී වැඩෙහි යෙදෙන්නේ යැයි බි‍්‍රතාන්‍යයේ නම ගිය සමාගම් බහුතරයකගේ අදහස වී තිබේ.

මෙවන් තත්ත්වයක් උද්ගත වීමට හේතු පිළිඹදවත් සොයාබලා ඇති අතර එහිදී අනාවරණයව තිබෙන්නේ රූපවාහිනී රියැලිටි වැඩසටහන් වල පෙන්වනවාක් මෙන් විනාඩි 5 න් ජනපි‍්‍රය විය හැකි යැයි බි‍්‍රතාන්‍යය තරුණ පරම්පරාවේ බහුතරය සිතා සිටින බවයි.ඉගෙනීම ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැති නිසා ඔවුන්ට අවසන ඉතිරි වන්නේ පාසලින් ලත් අස්වීමේ සහතිකය පමණක් බවත් මෙනිසා විවිධාකාර නිපුණතා වලින් පිරි විදෙස් ශ‍්‍රමිකයින් හා තරග කිරීමට ඔවුනට හැකියාවක් ඇත්තේම නැති තරම් බවත් ආර්ථික හා සමාජ පර්යේෂණ ආයතනය කියයි.

බි‍්‍රතාන්‍යයට සංක‍්‍රමණිකයින් පැමිණීම රටට ගැටලූවක් වී ඇතත් උද්ගතවී ඇති තත්ත්වය හමුවේ බි‍්‍රතාන්‍යය කි‍්‍රයාත්මක වන්නේ සංක‍්‍රමණිකයින්ගේ දායකත්වය නිසාවෙන්ම බවත් සමිීක්ෂණ වාර්තාවේ සදහන් වේ’