ලන්ඩනයේ කිංගස්බරි චතුරස‍්‍රයේ ගමන් කරමින් තිබූ මෝටර් රථ දෙකක රියැදුරන් අතර ආරවුලක් ඇති විය.
එක් රියැදුරෙක් වූයේ කාන්තාවකි.ඇය අනෙකාගේ මෝටර් රථයේ වහලයටද නැගුණාය.එහි නැඟී සිට ගෙනම අනෙකා සමග වාද විවාද කළාය.
අනෙකාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි පෙනුණි.හේ තම මෝටර් රථයට නැග එය පණගන්වා ගෙන ධාවනය කළේය.
කාන්තාව තවමත් වහල උඩය.ඇය වහල උඩ දිගාවී නොවැටී සිටීමට උත්සාහ කළාය.
මේ අතර ඇයගේ මෝටර් රථයේ සිටි ඇයගේ මිතුරිය එය පණ ගන්වාගෙන පසුපසින් පැමිණියාය.ඇය අනෙක් රථයට ඉස්සර කිරීමට උත්සාහ කරමින් එහි රියැදුරාට රථය නවත්වන්නැයි ආයාචනා කරනු දැකගත හැකි විය.
අවසානයේ රියැදුරා රථය නතර කළේය.
වහලය මත සිටි කාන්තාව එයින් බැස පසුපසින් පැමිණි තම මෝටර් රථයට නැගුණාය.
තවත් වරක් තම ප‍්‍රතිවාදියාට බැන වැදුණු ඇය වේගයෙන් රථය ධාවනය කරගෙන පිටත්ව ගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිත්තරපටි ජවනිකාවක රංගනයක්ද දන්නේ නැත. . (අ)
පිස්සු හැදෙනවා මේවා අහනකෝට (අ)
කොහොමත් හරි උනත් වැරදි උනත් යුරෝපා රටවල ගැහැණුන්ගේ කටවල් වලට පිරිමි බයයි. (අ)
රියදුරන් දෙදෙනාම වැරදියි.කෙනෙකුට තව කෙනෙකුගේ වාහනයේ වහලට නැගීමත් වැරදියි.කෙනෙක් වහලය මත සිටියදී වාහනය ධාවනය කිරීමත් වැරදියි.පොලිසියට මේ පින්තුර ටිකම ඇති දෙදෙනාටම විරුද්ධව නඩු දාන්න. (අ)