IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


රුමේනියාවේ බලු සංගණනයක්

රුමේනියාවේ බුකාරස්ට් නගරයේ දඩාවතේ බල්ලකුගේ සංඛ්‍යාව දහස් ගණනින් වැඩි වී තිබෙන බැවින් එම සතුන් මරා දැමීමට කි‍්‍රයා මාර්ග ගැනීම සඳහා එරට පාර්ලිමේන්තුව ඡන්දයක් පවත්වා තිබේ.

226 දෙනෙක් ඊට කැමැත්ත පළ කළ අතර 23 දෙනෙක් විරුද්ධ වුහ. 21 දෙනෙක් පැමිණ සිටියේ නැත. මේ සම්බන්ධයෙන් ජන මත විමසුමක් ඔක්තෝබර් 6 වෙනිදා පැවැත් වීමට නියමිතව තිබිණ. නමුත් එරට ජනාධිපති එම ජන මත විමසුම අහෝසි කර පාර්ලිමේන්තු තීරණය අනුව කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.

බුකාරෙස්ට් කාන්තාවක්, ජපාන ජාතික සංචාරකයෙක් සහ 4 හැවිරිදි පිරිමි දරුවකු දඩාවතේ යන බල්ලන් සපා කෑමෙන් මිය ගොස් තිබීම මෙම පියවර ගැනීම සඳහා බලපෑම් කර ඇත. බල්ලන් සපා කෑම නිසා මාස 8ක් ඇතුළත බුචරස්ට්හි රෝහල් ගත වූවන් 9760 ක් වාර්තා වී තිබේ.

මෙම යෝජනාවට විරෝධය දක්වමින් එරට ජනතාව තම සුනඛයින්ද රැුගෙන විත් පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂන පවත්වන බව වාර්තා වේ. ඔවුන් ‘සාපරාධි අධිකරණය. ඔබලටත් බල්ලන්ට වගේම ඉරණමක් අත් වේ’ යනුවෙන් කෑ ගසමින් විරෝධය දක්වා ඇත.

බල්ලන් මරා දමනවා වෙනුවට වෙනත් විකල්ප ක‍්‍රමයක් අනුගමනය කර සත්ව යුක්තිය සුරකින ලෙස රොමේනියානු සත්ව සුබ සාධන සංගමය ජනාධිපතිවරයාට යෝජනා ඉදිරිපත් කර ඇත.



අදහස් (0)

රුමේනියාවේ බලු සංගණනයක්

තරු Sunday, 29 September 2013 08:04 AM

බල්ලන් මරන එක අසාධාරණයි. පවු (නි)

:       0       0

ප්‍රේමකුමාර Friday, 27 September 2013 09:28 PM

කවදාහරි මිනිස්සු නිර්මාංශ උනාම තමයි. එතකන් දුක තමයි රංජනී.(අ)

:       0       0

සනත් Monday, 30 September 2013 10:08 AM

මිනිසාගේ හොඳම මිතුරා මරා දාන්න එපා.පාලනය කියන්නේ මරා දැමීමද?වැඩියෙන්ම පාලනය විය යුතු මිනිසුන්ගේ බෝ වීම පාලනය කරන්නේ මරා දැමීමෙන්ද? (නි)

:       0       0

නිලූසි Sunday, 29 September 2013 09:03 AM

බෝවීම පාලනය කරා නම් මේ අසරණ සත්තු මෙහෙම මරන්න වෙන්නේ නැහැනේ. අනික මොහොමඩ් ඔයාලා නම් කොහොමක් කැමති ඇති වැඩි වුනත් නැතත් මේ අහිංසක සත්තුන්ව මරලා දාන එකට.(නදී)

:       0       0

රන්ජනී Friday, 27 September 2013 04:34 PM

ගව සංගණනය කවදාද ලංකාවේ කරන්නේ ? (නි)

:       0       0

චින්තක Sunday, 29 September 2013 11:37 PM

අපි අගයනවා (නි)

:       0       0

අචිනි Saturday, 28 September 2013 02:52 PM

අර කොහෙද රටේ ඉන්න කට්ටිය බය වෙලාලු හොඳටම ...(අ)

:       0       0

හේරත් Monday, 30 September 2013 02:28 AM

මටත් පෙන්නන්න බැහැ මේ බෝවීම. (නි)

:       0       0

ජගත් Sunday, 29 September 2013 06:42 PM

මරමු මරමු .මම කැමතියි වැඩේට (නි)

:       0       0

අංජුල Friday, 27 September 2013 06:52 PM

රන්ජනී, බය වෙන්න එපා. ළගදීම ගව සංගණනය කරනවා අපි. එතකොට ඔයාවත් ඒකට අනිවාර්යෙන්ම ගණන් කරනවා. මතක ඇතුව ගෙදර ඉන්න (නි)

:       0       0

ගුණේ Saturday, 28 September 2013 07:51 AM

ලංකාවේ වගේ පෝරුවට නග්ගලා කසාද බන්දලා දුන්නා නම් ඔය විදියට දඩාවතේ නොගොස් ගෙදරට වෙලා පවුල් ජීවිතය ගෙනියයි. මේ වැඩේට බලු රෙජිස්ටාර්වරු ලෙස අපේ කට්ටිය යවමු. (නි)

:       0       0

නිලූෂි Monday, 30 September 2013 07:24 AM

රිෂාඩ්, මම පිළිතුරු දුන්නේ ‍මොහමඩ්ගේ අදහසට (නි)

:       0       0

නිලූෂි Monday, 30 September 2013 07:26 AM

ජගත්ලා වගේ අය තමයි මේ සත්තුන්ව පා‍රට ගෙනල්ලා අතහැරලා යන්නේ (නි)

:       0       0

පිටිගල Saturday, 28 September 2013 10:49 PM

අපේ රටේ බල්ලන්ව ආරක්ෂා කරලා මිනිසුන්ව මරනවා බල්ලෝ මරනවා වගේ.(එක රිය අනතුරක් වාර්තා වෙලා තිබුනා බල්ලෙක් බේරන්න ගිහින් මිනිස්සු දෙන්නෙකුට බරපතල තුවාල වෙලා) රුමේනියාවේ බල්ලන් මැරීමේ ක්‍රියාවට මාත් ඡන්දය දෙනවා,අපේ රටේ එහෙම දෙයක් නොකරන නිසා. (නි)

:       0       0

කුමාරි Saturday, 28 September 2013 11:10 PM

ඔය වැඩිපුර ඉන්න බල්ලන් ටික වියට්නාමය පැත්තට යවමුකෝ (නි)

:       0       0

මොහොමඩ් කොනකපාල Saturday, 28 September 2013 09:32 AM

බල්ල වැඩිනම් මරණ එක සාදාරනයි (දී)

:       0       0

රිෂාර්ඩ් Sunday, 29 September 2013 03:18 PM

නිලූසි-අපි බල්ලෝ හදන්නෙත් නැහැ මරන්නෙත් නැහැ ඔය වගේ.කොහෙද ගම ඔයාගේ ? (නදී)

:       0       0

සනත් Saturday, 28 September 2013 10:16 AM

අන්න නියමයි නියමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1964 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site