රුමේනියාවේ බුකාරස්ට් නගරයේ දඩාවතේ බල්ලකුගේ සංඛ්‍යාව දහස් ගණනින් වැඩි වී තිබෙන බැවින් එම සතුන් මරා දැමීමට කි‍්‍රයා මාර්ග ගැනීම සඳහා එරට පාර්ලිමේන්තුව ඡන්දයක් පවත්වා තිබේ.
226 දෙනෙක් ඊට කැමැත්ත පළ කළ අතර 23 දෙනෙක් විරුද්ධ වුහ. 21 දෙනෙක් පැමිණ සිටියේ නැත. මේ සම්බන්ධයෙන් ජන මත විමසුමක් ඔක්තෝබර් 6 වෙනිදා පැවැත් වීමට නියමිතව තිබිණ. නමුත් එරට ජනාධිපති එම ජන මත විමසුම අහෝසි කර පාර්ලිමේන්තු තීරණය අනුව කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.
බුකාරෙස්ට් කාන්තාවක්, ජපාන ජාතික සංචාරකයෙක් සහ 4 හැවිරිදි පිරිමි දරුවකු දඩාවතේ යන බල්ලන් සපා කෑමෙන් මිය ගොස් තිබීම මෙම පියවර ගැනීම සඳහා බලපෑම් කර ඇත. බල්ලන් සපා කෑම නිසා මාස 8ක් ඇතුළත බුචරස්ට්හි රෝහල් ගත වූවන් 9760 ක් වාර්තා වී තිබේ.
මෙම යෝජනාවට විරෝධය දක්වමින් එරට ජනතාව තම සුනඛයින්ද රැුගෙන විත් පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂන පවත්වන බව වාර්තා වේ. ඔවුන් ‘සාපරාධි අධිකරණය. ඔබලටත් බල්ලන්ට වගේම ඉරණමක් අත් වේ’ යනුවෙන් කෑ ගසමින් විරෝධය දක්වා ඇත.
බල්ලන් මරා දමනවා වෙනුවට වෙනත් විකල්ප ක‍්‍රමයක් අනුගමනය කර සත්ව යුක්තිය සුරකින ලෙස රොමේනියානු සත්ව සුබ සාධන සංගමය ජනාධිපතිවරයාට යෝජනා ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලන් මරන එක අසාධාරණයි. පවු (නි)
කවදාහරි මිනිස්සු නිර්මාංශ උනාම තමයි. එතකන් දුක තමයි රංජනී.(අ)
මිනිසාගේ හොඳම මිතුරා මරා දාන්න එපා.පාලනය කියන්නේ මරා දැමීමද?වැඩියෙන්ම පාලනය විය යුතු මිනිසුන්ගේ බෝ වීම පාලනය කරන්නේ මරා දැමීමෙන්ද? (නි)
බෝවීම පාලනය කරා නම් මේ අසරණ සත්තු මෙහෙම මරන්න වෙන්නේ නැහැනේ. අනික මොහොමඩ් ඔයාලා නම් කොහොමක් කැමති ඇති වැඩි වුනත් නැතත් මේ අහිංසක සත්තුන්ව මරලා දාන එකට.(නදී)
ගව සංගණනය කවදාද ලංකාවේ කරන්නේ ? (නි)
අපි අගයනවා (නි)
අර කොහෙද රටේ ඉන්න කට්ටිය බය වෙලාලු හොඳටම ...(අ)
මටත් පෙන්නන්න බැහැ මේ බෝවීම. (නි)
මරමු මරමු .මම කැමතියි වැඩේට (නි)
රන්ජනී, බය වෙන්න එපා. ළගදීම ගව සංගණනය කරනවා අපි. එතකොට ඔයාවත් ඒකට අනිවාර්යෙන්ම ගණන් කරනවා. මතක ඇතුව ගෙදර ඉන්න (නි)
ලංකාවේ වගේ පෝරුවට නග්ගලා කසාද බන්දලා දුන්නා නම් ඔය විදියට දඩාවතේ නොගොස් ගෙදරට වෙලා පවුල් ජීවිතය ගෙනියයි. මේ වැඩේට බලු රෙජිස්ටාර්වරු ලෙස අපේ කට්ටිය යවමු. (නි)
රිෂාඩ්, මම පිළිතුරු දුන්නේ මොහමඩ්ගේ අදහසට (නි)
ජගත්ලා වගේ අය තමයි මේ සත්තුන්ව පාරට ගෙනල්ලා අතහැරලා යන්නේ (නි)
අපේ රටේ බල්ලන්ව ආරක්ෂා කරලා මිනිසුන්ව මරනවා බල්ලෝ මරනවා වගේ.(එක රිය අනතුරක් වාර්තා වෙලා තිබුනා බල්ලෙක් බේරන්න ගිහින් මිනිස්සු දෙන්නෙකුට බරපතල තුවාල වෙලා) රුමේනියාවේ බල්ලන් මැරීමේ ක්‍රියාවට මාත් ඡන්දය දෙනවා,අපේ රටේ එහෙම දෙයක් නොකරන නිසා. (නි)
ඔය වැඩිපුර ඉන්න බල්ලන් ටික වියට්නාමය පැත්තට යවමුකෝ (නි)
බල්ල වැඩිනම් මරණ එක සාදාරනයි (දී)
නිලූසි-අපි බල්ලෝ හදන්නෙත් නැහැ මරන්නෙත් නැහැ ඔය වගේ.කොහෙද ගම ඔයාගේ ? (නදී)
අන්න නියමයි නියමයි