චීනයේ ජින්ස්හු ප‍්‍රදේශයේ කලා උළෙලක සංචාරක මගපෙන්වන්නියක ලෙස ස්ථාන ගත කර සිටි රොබෝවරියකට නරඹන්නන් ‘‘අතවර‘‘ කිරීම නිසාවෙන් ඇය ඉවත් කිරීමට කලා උළෙලේ සංවිධායකයන්ට සිදුවිය.
නිල් පැහැ ගවොමකින් හා දිගු කොණ්ඩයකින් සරසා තිබූ මෙම රොබෝවරිය සැබෑ මිනිස් කතකට සමාන ලෙස නිර්මාණය කර තිබිණි.
ඇයගේ පෙනුම නිසාම ඇය වෙත ආකර්ෂණය වූ ‘‘මිනිස්‘‘ නරඹන්නන් ඇය සමග සිට ඡායාරූප ගැනීමටත්,ඇතැමුන් එයිනුත් එහා ගොස් ඇයගේ ඇදුම අස්සෙන් අත දමා නොයෙකුත් විකාර කරන්නට යාමත් නිසා රොබෝවරිය ඉවත් කිරීමට තීරණය කළ බව සංවිධායකයින් කියයි.
නරඹන්නන්ගේ ‘‘කි‍්‍රයාකාරකම්‘‘ වලට හසුවූ රොබෝවරිය දැන් සිටින්නේ ඒවායින් සිදුවූ ‘‘හානි‘‘ නිසාම කි‍්‍රයාවිරහිතවය.
අනෙක් වාරයේදී උළෙලට රොබෝවෙක් යොදාගන්නේනම් එය රොබෝවෙක් ලෙස තබනවා මිස මිනිස් ලක්ෂණ නොදී සිටීමට තමන් මෙයින් උගත් බව සංවිධායකයින් කියයි.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝබෝ කතටත් අතවර
දම්මි Wednesday, 09 October 2013 08:50 AM
චීනයේ ගැහැණු නැද්ද ඇත්තටම? (නි)
සෑම් Tuesday, 08 October 2013 08:29 PM
අනේ දෙයියනේ (අ)
සෙහාන් Wednesday, 09 October 2013 10:00 AM
උපාලි, ජුලියට්ගේ ලෝහ පිළිමයේ වම් පැත්ත ගැනනේ ඔයා කියන්නේ. එය කිසිම පහත් හැගීමකින් මිනිසුන් අල්ලනවා නෙමෙයි. ජුලියට්ගේ හදවත ස්පර්ශ කරනවා කියලා හිතාගෙන එය කරන්නේ. ඔයා හිතේ වෙන දෙයක් තියාගෙනයි එය නරඹලා තියෙන්නේ.. (නි)
දර්ශන Wednesday, 09 October 2013 10:27 AM
දම්මි , චීනයේ ගැහැණු නැත්නම් ඔයා මොකද කරන්නේ? ඔයා යනවද? (නි)
සදු Tuesday, 08 October 2013 05:03 PM
මානසික රොගීන් වෙන්න ඇති වෙන වෙන වැඩ කරපු අය.(නදී)
ශාන්ති Wednesday, 09 October 2013 11:29 PM
යකඩ වලටත් ඉන්න නොදෙන මිනිස්සු...? (නි)
ගජමන් Tuesday, 08 October 2013 10:19 PM
"මේකත් ලෝකයක්ද මර්තේලිස් ?" කිව්වලු. (නි)
ලාරා Tuesday, 08 October 2013 05:48 PM
යකඩ වලටත් අතවර කරනවද දැන්? (නි)
දුමින්ද Tuesday, 08 October 2013 06:32 PM
හොද වෙලාවට ලංකාවට මෙයාව ගෙනාවේ නැත්තේ. පලා බබාලාට අහුවුණා නම් රොබෝ මිනිස් පරපුරකුත් හදලයි නවතින්නේ. (නි)
උපාලි Wednesday, 09 October 2013 06:14 AM
මට මතක් වෙන්නේ ඉතාලියේ රෝමියෝ ජූලියට කෞතුකාගාරය බලන්න වෙරෝනාවට ගිය එක. ජුලියට්ගේ ලෝහ පිළිමයේ සමහර කොටස් මිනිස්සුන්ගේ අත්වලට මැදිලම අනෙක් කොටස්වලට වඩා දිලිසෙනවා. අනේ මෙහෙමත් මානසික ලෙඩ්ඩු! (නි)
චන්දි අලුත්වල Tuesday, 08 October 2013 08:01 PM
දුමින්දගේ කතාව නියමයි (නි)