චීනයේ ජින්ස්හු ප‍්‍රදේශයේ කලා උළෙලක සංචාරක මගපෙන්වන්නියක ලෙස ස්ථාන ගත කර සිටි රොබෝවරියකට නරඹන්නන් ‘‘අතවර‘‘ කිරීම නිසාවෙන් ඇය ඉවත් කිරීමට කලා උළෙලේ සංවිධායකයන්ට සිදුවිය.

නිල් පැහැ ගවොමකින් හා දිගු කොණ්ඩයකින් සරසා තිබූ මෙම රොබෝවරිය සැබෑ මිනිස් කතකට සමාන ලෙස නිර්මාණය කර තිබිණි.

ඇයගේ පෙනුම නිසාම ඇය වෙත ආකර්ෂණය වූ ‘‘මිනිස්‘‘ නරඹන්නන් ඇය සමග සිට ඡායාරූප ගැනීමටත්,ඇතැමුන් එයිනුත් එහා ගොස් ඇයගේ ඇදුම අස්සෙන් අත දමා නොයෙකුත් විකාර කරන්නට යාමත් නිසා රොබෝවරිය ඉවත් කිරීමට තීරණය කළ බව සංවිධායකයින් කියයි.

නරඹන්නන්ගේ ‘‘කි‍්‍රයාකාරකම්‘‘ වලට හසුවූ රොබෝවරිය දැන් සිටින්නේ ඒවායින් සිදුවූ ‘‘හානි‘‘ නිසාම කි‍්‍රයාවිරහිතවය.

අනෙක් වාරයේදී උළෙලට රොබෝවෙක් යොදාගන්නේනම් එය රොබෝවෙක් ලෙස තබනවා මිස මිනිස් ලක්ෂණ නොදී සිටීමට තමන් මෙයින් උගත් බව සංවිධායකයින් කියයි.