විකිලීක්ස් වෙඞ් අඩවියට ඇමෙරිකා හමුදාවේ රහස් ලබා දුන් එරට හමුදා සෙබළ බ‍්‍රැඞ්ලි මෑනිං සම්බන්ධ නඩු විභාගය පෙරේදා (30) පැවැත්වුණු අතර, රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවලට ඔහු වරදකරු වූයේය.


මෑනිංට එරෙහිව චෝදනා 23 ක් ඉදිරිපත් කර ඇති අතර ඒ අතරින් එකක් වන්නේ ඔහු අල් කයිඩාවට සහාය දුන් බවටය. කෙසේ නමුත් ඔහු එම චෝදනාවට වදරකරුවකු නොවන බවට අධිකරණය තීන්දු කළ බවද වාර්තාවේ.


මෑනිංට එරෙහි නඩු විභාගය පැවැත්වෙන්නේ මේරිලන්ඞ්හි ෆෝට් මේඞ් හමුදා කඳවුරේදීය.
25 හැවිරිදි මෑනිං ඇමෙරිකා හමුදාවේ රහස් හෙළි කළේ ඔහු ඉරාකයේ බැග්ඩෑඞ් නුවර ඇමෙරිකා හමුදා බුද්ධි තොරතුරු විශ්ලේෂකයකු ලෙස සේවය කරද්දීය.