‘අතට අත‘ දීමට වඩා ‘අත් මිටට අත් මිට‘ දීම වඩා සෞඛ්‍යාරක්ෂිත වන බව බ්‍රිතාන්‍යය වෛද්‍යවරයෙක් පවසයි.
වෛද්‍ය ටොම් මැකලන් තම පරීක්ෂණ කණ්ඩායමත් සමග සිදු කළ පරීක්ෂණවලට අනුව අතට අත දීමේදී විශාල ප්‍රමාණයකින් බැක්ටීරියා හා ක්ෂුද්‍රජීවීන් අදාළ පුද්ගලයන් දෙදෙනා අතර හුවමාරු වන බවත්, අත් මිටට අත් මිට දීමේදී බැක්ටීරියා හා ක්ෂුද්‍ර ජීවීන් හුවමාරු වන්නේ ඉතා සුලූ ප්‍රමාණයකින් බවත් සොයාගෙන ඇත.
මේ නිසා රෝහලකදී වැනි ස්ථානයකදී වෛද්‍යවරුන් තම රෝගීන්ට අතට අත දී ආචාර කරනවාට වඩා අත් මිටට අත් මිට දී ආචාර කිරීම වඩා සුදුසු බව වෛද්‍ය ටොම් මැකලන්ගේ අදහසයි.
අත් මිටට අත් මිට දී ආචාර කර ගැනීමේ ක්‍රමය දැනටමත් ලොව ප්‍රකට පුද්ගලයන් කිහිප දෙනෙකු ප්‍රසිද්ධියේ සිදු කරන අවස්ථා බොහෝමයක් පසුගිය සමයේ දැකගත හැකි විය. මුලදී තරුණ තරුණියන්ට වෙන්වූ සාම්ප්‍රදායික නොවන ආචාර විදියක් ලෙස සැළකුණු මෙම ආචාර විදිය ඇමරිකාවේ වත්මන් ජනපති බරක් ඔබාමා තම බිරිද සමග ප්‍රසිද්ධ වේදිකාවකදී හුවමාරු කර ගැනීමත් සමග එකී මතය බිද වැටී ඇති සෙයක් පෙනේ.
චාල්ස් කුමරු, ඇමරිකා හිටපු ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, මොහොමඩ් අලී, ප්‍රකට ගී හා සිනමා තරු ආදී මෙකී නොකී සියල්ලෝම දැන් දෙන්නේ අතට අත නොව මිටට මිටය.
කාලයත් සමග වෙනස් වීම ඔබින හෙයින්ද, තම තමන්ගේ සෞඛ්‍ය ගැන සැළකිලිමත් විය යුතු හෙයින් ද අතට අත දීමට වඩා ‘මිටට මිට‘ දීම තමන් ඉහළින්ම අනුමත කරන බව වෛද්‍ය ටොම් මැකලන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු මිනිස්සු බලන්නේ කොහොම හරි අවුරුදු 150 ක් විතර ජීවත් වෙන්න. (නදී)
ලංකාවේ වගේ ආයුබෝවන් කිව්වනං ඉවරනේ (අ)
අපි කොහොමද? ඒ අතින් අපිට මුල් තැන හිමිවෙන්න ඕන.කාටවත් අපි ලෙඩ දෙන්නේ නැහැ. (අ)
ඉතින් පොඩි අයටත් පුළුවන් එහෙම වෙන්න.ලංකාවේ ආයුබෝවන් කියන එක තමා හොදම (අ)
ගොඩක් මැද පෙරදිග රටවල වල සහ සමහර රටවල මුස්ලිම් ප්‍රජාව ආචාර කරගන්නේ නාසයට නාසය තියලා. එතකොට කොපමණ දුරට විෂ බීජ බෝ වීමට හැකියාවක් තියෙනවද? ඒ ගොල්ලන්ගේ පාරම්පරික ක්‍රම අත් හරීවිද අලුත් ක්‍රම වේදය වැළඳ ගන්න? (නදී)
ඒකනේ ආයුබෝවන් කියන්නේ අත් දෙක එකට කරලා. කොහොම උනත් එයාල අපිට දාන ලෙඩ ටික අත ලෙවකාලවත් ලැබෙන්නේ නැති ,හොඳ කරන්න අමාරුම ඒවා තමයි.(නදී)
ඔය මුකුත් නැහැ නේ පෙරදිග ක්‍රමයට ආයුබෝවන්, නමස්තේ. වනක්කම් හරි කිවුවානම් ඔනෑනම් ජපන් කොරියන් ක්‍රමයට හිස නමලාත් පුලුවන් ආචාර කරන්න (අ)
ජයා, නවසිලන්තයේ මෞරි ජාතිකයනුත් ආචාර කරන්නේ නාසයට නාසය තියලා. එතකොට තවත් විෂබීජ බෝ වෙන හැකියාව වැඩියි නේද. අපේ ආයුබෝවන් එක නම් ඇඟට ගුණයි. (නි)
ලංකාවේ වගේ ආයුබෝවන් කිව්වා නම් ඉවරනේ (නි)
මැදපෙරදිග නාසයට නාසය තියා ආචාර කරන්නේ තම පරම්පරාවේ අය සමග පමණි. ඒ වගේම කුඩා අය වැඩිහිටියන්ගේ නළල, දකුණු පස බාහුවද සිපගන්නේ යම් ගරු කිරීමකටය. අතට අත දීම මැදපෙරදිග සාමාන්‍ය දෙයකි. (නි)
ආයුබෝවන් කිවුවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැනේ. මොන බැක්ටීරියාවක්වත් යන්නේ නැහැ. ආයුෂ වැඩි වෙනවා විතරයි (නි)
මේ විදියට වුණේ ඇමරිකාව කළ වැඩ නිසයි (නි)