
අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය, දින 11 ක ශෝක කාලය අවසන් කරමින් අද (19) පැවැත්වීමට නියමිතය. වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට ලබා දුන් කාලය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11 ට අවසන් විය.
ඉන් අනතුරුව, රැජිනගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහර ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.14 ට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය වෙත රැගෙන යනු ඇත.
රාජකීය පවුලේ සාමාජිකයන් ද අවමංගල්‍ය පෙරහර සමඟ පා ගමනින් වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය වෙත ගමන් කිරීමට නියමිත බව බීබීසී පුවත් සේවය පවසයි.
රැජිනගේ දේහය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.22 ට වෙස්ට්මිනිසට්ර් දේවස්ථානයේ ඉදිරිපස දොරටුව වෙත ළඟා වීමට නියමිත අතර, එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ආරම්භ වනු ඇත.
ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.25 ට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ සහ බි්‍රතාන්‍යයේ විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් රැජින වෙනුවෙන් රකින බව පැවැසෙයි.
ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට රැජිනගේ අවමංගල්‍ය උත්සවය අවසන් වීමට නියමිතය.
ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 5.30 ලන්ඩනයේ සුප්‍රසිද්ධ වෙලිංටන් ආරක්කුව වෙත දේහය රැගෙන යන අතර එහිදී රැජිනගේ දේහය අවමංගල්‍ය රථයක තැන්පත් කිරීමෙන් පසු රජ පවුලේ සාමාජිකයන් වින්ඩ්සර් මාලිගය වෙත පිටත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.36 ට රැජිනගේ දේහය රැගත් අවමංගල්‍ය රථය වින්ඩ්සර් මාලිගය වෙත පැමිණෙන අතර එහි සිට ශාන්ත ජෝර් ජ් දේවස්ථානය කරා රැජිනගේ දේහය රැගෙන යන ගමනේදී තුන්වෙනි චාල්ස් රජු සහ රාජකීයයන් පා ගමනින් ඊට එක් වනු ඇත.
අනතුරුව ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30 ට ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී රැජිනගේ දේහය තැන්පත් කිරීමට සූදානම් කිරීමේ චාරිත්‍ර ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 12.00 ට පමණ දෙවන එලිසබෙත් රැජිනගේ දේහය, වින්ඩ්සර් මාලිගයේ 6 වැනි ජෝර්ජ් රජතුමාගේ (එලිසබත් රැජිනගේ පියා) අනුස්මරණ දේවස්ථානයේදී පිලිප් කුමරුගේ දේහය සමග තැන්පත් කිරීමට නියමිත බව බීබීසී පුවත් සේවය පවසා ඇත.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
478
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2226
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රැජිනගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි