ලන්ඩනයේ බකින්ග්හැම් මාලිගය ඉදිරිපිට කලබලයකි. වාහන පෙළක් නවත්වා ඇත. ඒවායේ සිටින්නේ බ්‍රිතාන්‍යයේ කොයිකවුරුත් හොදින්ම හදුනන රජපවුලේ සාමාජිකයෝය. නමුත් දොරටුවේ සිටින පොලිස් නිළධාරියාට ඔවුන් පිළිඹද මතකයක් නැති සෙයකි.ඔහු තම අතේ ඇති කොළ ගොන්නක් පෙරළමින් මොන මොනවාදෝ සොයයි.අවසානයේ හිස වනා මාළිගයට පිවිසීමට අවසර දේ.

මේ සෑම වසරක දෙකකටම වරක් නත්තලට පෙර බ්‍රිතාන්‍යයේ රජ පවුලේ සියලූ දෙනා එකට එක්වන සාදය පැවැත්වෙන දිනයයි. රජ පවුලේ සාමාජිකයින් වුවත් ඔවුනට ආරක්ෂක පියවර මගහැර යා නොහැකි සෙයකි.

දොරටුවේ සිටි පොලිස් නිළධාරීන්ට සපයා තිබුණේ පැමිණීමට නියමිත රාජකීයයන්ගේ ඡායාරූපයන් හා තොරතුරු ඇතුළත් ලිපිගොනුය. රාජකීයයෙක් මාළිගයට ඇතුල් කර ගැනීමට ප්‍රථම මුහුණුවරේ සිට ඔහුගේ හෝ ඇයගේ සියලූම තොරතුරු වතගොත පිරික්සා බැලීම මෙම පොලිස් නිළධාරීන්ගේ වගකීම විය.

එය සමාජශාලාවක දොරටුවේ සිටින ආරක්ෂකයන් සමාජශාලාවට ඇතුලූවන්නන් පරීක්ෂා කරනු වැන්නක් වුනි.

නත්තලට පෙර බ්‍රිතාන්‍යයේ රජපවුලේ සාමාජිකයින් එකට එකතු වීම වසර දෙකකට වරක් සිදුකෙරෙන්නෙකි.එකම මේසයක වට වන ඔවුහු රාතිී්‍ර භෝජන සංග්‍රහයට සහභාගී වෙති.

ඇතැම් රාජකීයයන් තම තමන්ගේ තත්ත්වය පෙන්වීමට මිල අධික යාන වාහන වලින් පැමිණියද ඇතැමුන් තමන්ම පැදවූ සරල හා චාම් රථවාහන වලින්ද පැමිණ සිටිනු දැකගත හැකි විය.

විලියම් කුමරු හා ඔහුගේ ආර්යාව වන කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කැතරින්,චාර්ල්ස් කුමරු හා ඔහුගේ ආර්යාව වන කෝර්න්වෝල්හි ආදිපාදවරිය වන කැමිලා පැමිණ සිටි රාජකීයයන් අතරින් කැපී පෙනුනි.