ලන්ඩනයේ බකින්ග්හැම් මාලිගය ඉදිරිපිට කලබලයකි. වාහන පෙළක් නවත්වා ඇත. ඒවායේ සිටින්නේ බ්‍රිතාන්‍යයේ කොයිකවුරුත් හොදින්ම හදුනන රජපවුලේ සාමාජිකයෝය. නමුත් දොරටුවේ සිටින පොලිස් නිළධාරියාට ඔවුන් පිළිඹද මතකයක් නැති සෙයකි.ඔහු තම අතේ ඇති කොළ ගොන්නක් පෙරළමින් මොන මොනවාදෝ සොයයි.අවසානයේ හිස වනා මාළිගයට පිවිසීමට අවසර දේ.
මේ සෑම වසරක දෙකකටම වරක් නත්තලට පෙර බ්‍රිතාන්‍යයේ රජ පවුලේ සියලූ දෙනා එකට එක්වන සාදය පැවැත්වෙන දිනයයි. රජ පවුලේ සාමාජිකයින් වුවත් ඔවුනට ආරක්ෂක පියවර මගහැර යා නොහැකි සෙයකි.
දොරටුවේ සිටි පොලිස් නිළධාරීන්ට සපයා තිබුණේ පැමිණීමට නියමිත රාජකීයයන්ගේ ඡායාරූපයන් හා තොරතුරු ඇතුළත් ලිපිගොනුය. රාජකීයයෙක් මාළිගයට ඇතුල් කර ගැනීමට ප්‍රථම මුහුණුවරේ සිට ඔහුගේ හෝ ඇයගේ සියලූම තොරතුරු වතගොත පිරික්සා බැලීම මෙම පොලිස් නිළධාරීන්ගේ වගකීම විය.
එය සමාජශාලාවක දොරටුවේ සිටින ආරක්ෂකයන් සමාජශාලාවට ඇතුලූවන්නන් පරීක්ෂා කරනු වැන්නක් වුනි.
නත්තලට පෙර බ්‍රිතාන්‍යයේ රජපවුලේ සාමාජිකයින් එකට එකතු වීම වසර දෙකකට වරක් සිදුකෙරෙන්නෙකි.එකම මේසයක වට වන ඔවුහු රාතිී්‍ර භෝජන සංග්‍රහයට සහභාගී වෙති.
ඇතැම් රාජකීයයන් තම තමන්ගේ තත්ත්වය පෙන්වීමට මිල අධික යාන වාහන වලින් පැමිණියද ඇතැමුන් තමන්ම පැදවූ සරල හා චාම් රථවාහන වලින්ද පැමිණ සිටිනු දැකගත හැකි විය.
විලියම් කුමරු හා ඔහුගේ ආර්යාව වන කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කැතරින්,චාර්ල්ස් කුමරු හා ඔහුගේ ආර්යාව වන කෝර්න්වෝල්හි ආදිපාදවරිය වන කැමිලා පැමිණ සිටි රාජකීයයන් අතරින් කැපී පෙනුනි.
2025 නොවැම්බර් මස 04
58
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2011
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජ පවුල එකම මේසයේ
තිලා Monday, 23 December 2013 08:32 AM
ලෝකේ වටෙන් කොල්ල කාලා අවරුදු දෙකකට සැරයක් නෙවෙයි හැමදාම වුනත් පාටි දාන්න බැරිකමක් නෑ .(නදී)
අසෝකා Friday, 20 December 2013 07:02 PM
මේගොල්ලෝ ලංකාවෙන්වත් පාඩමක් ඉගෙන ගෙන නැද්ද? ලංකාවේ වැඩිය නෙමෙයි ප්‍රාදේශීය සභාපති කෙනෙක්ගේ පවුලේ කෙනෙකුට හරි ඔහොම කලානම් ආරක්ෂකයන්ට යන්න වෙන්නේ මොලොව අතහැර තමයි. (අ)
අසෝකා Friday, 20 December 2013 07:04 PM
මේවා අපිට හොද පාඩම්! දැක්කද පිරුණු කලේ දිය නොසැලේ ! අඩු කලේ තමයි නිතරම හෙල්ලෙන්නේ! (අ)
සුමංගල ඇල්පිටිය Saturday, 21 December 2013 03:29 PM
මගේ දෙයියෝ !මෙහේ උනානම් (අ)