IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


රෝග ලක්ෂණ නැතත් බයිඩන් තවමත් පොසිටිව්

ඇමෙරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් ට කොවිඩ්-19 වෛරසය අසාදනය වී තිබේදැයි පරික්ෂා කිරීම සඳහා සිදු කරන ඇන්ටිජන් පරීක්ෂණය දෙවන වරට ධනාත්මක වී ඇතැයි ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

79 වියැති ජනාධිපති ජෝ බයිඩන් හට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණය ධනාත්මක වුවත් කොවිඩ් රෝග ලක්ෂණ නැවත මතුවී නොමැති බව එම නිවේදනයේ දැක්වේ.

ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් රෝග මර්දන එන්නත් මාත්‍රා දෙක සහ බූස්ටර් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති බව පැවැසෙයි.ජනාධිපතිවරයා රෝග ලක්ෂණ පෙන්නුම් නොකළත්  නැවත වරක් ධවල මන්දිරයේ නිරෝධායනය වන අතර රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය.

සෙනසුරාදා දින සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණය ධනාත්මක වුවත්  අඟහරුවාදා සවස,බදාදා උදෑසන,බ්‍රහස්පතින්දා උදෑසන සහ සිකුරාදා උදෑසන සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ සෘණාත්මක වූ බව ධවල මන්දිරය පෙන්වා දුන්නේය.

ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් රෝගය සඳහා  ප්‍රතිවෛරස් ඖෂධයක් වන පැක්ස්ලොවිඩ් ලබා ගත් බව ධවල මන්දිරය පැවසුවේය.මෙය පැක්ස්ලොවිඩ්  ප්‍රතිවෛරස් ඖෂධය ලබා ගන්නා සුළු පිරිසකට ඇතිවන තත්ත්වයක් බව වෛද්‍යවරු පැවසුවේය.

(රොයිටර්)



අදහස් (0)

රෝග ලක්ෂණ නැතත් බයිඩන් තවමත් පොසිටිව්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 161 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 366 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site