නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් කඩාවැටුණු ආර්ථිකය ගොඩනැගීම සඳහා යුරෝපා සංගම් නායකයන් විඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට එක්වීමට නියමිතය.
ඒ සඳහා මේ වනවිට යූරෝ බිලියන 750ක එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 840ක අරමුදලක් යෝජනා වී තිබේ.
එහෙත් ඇතැම් උතුරු යුරෝපීය නායකයන් යුරෝපා සංගම් කොමිසමේ අදාළ යෝජනාව සම්බන්ධයෙන් සිය අකැමැත්ත ප්‍රකාශ කර ඇති අතර යුරෝපා සංගමය තුළ බෙදීමක් ද ඇති වී ඇත.
නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රටවලට, විශේෂයෙන්ම ඉතාලිය සහ ස්පාඤ්ඤයට මූල්‍ය ප්‍රදාන කිරීම සඳහ එකමුතුව යූරෝ බිලියන 500ක් සොයාගැනීමට මෙහිදි අවධානය යොමු කෙරේ. ඇතැම් රටවල් යුරෝපා සංගම් සැලැස්මට සිය අකැමැත්ත ප්‍රකාශ කිරීමට හේතු වී ඇත්තේ මෙය යි.
ඒ අනුව මෙලෙස සිය අකැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ස්වීඩනය, ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව සහ නෙදර්ලන්තය යන රටවල් ය. ණය වෙනුවට මූල්‍ය ප්‍රදාන දීම සම්බන්ධයෙන් එම රටවල් මෙලෙස සිය අකැමැත්ත ප්‍රකාශ කර ඇත. එමෙන්ම මේ වනවිට යෝජනා වී තිබෙන යූරෝ ට්‍රිලියන 1.1ක යුරෝපා සංගම් අයවැය සම්බන්ධයෙන් ද එම සංගමය තුළ බෙදීමක් ඇති වී තිබේ.
ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් යුරෝපා කොමිසමේ සැලැස්මට සහාය දක්වති.
අල්ජසීරා/ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
යුරෝපා සංගමයේ බෙදීමක් : වැටුණු ආර්ථිකය ගොඩගන්න යූරෝ බිලියන 750ක යෝජනාවක්
සේන Saturday, 20 June 2020 05:13 AM
එකට එකතු වී පොඩි පොඩි රටවල්වලට ණය දෙන මුවාවෙන් ඔලුව උස්සන්නම නොදුන්න, කොටි ඩයස්පෝරාවේ මිතුරන් ටික ඇනකොටා ගත්තදෙන්.
Bamunuarachchi Sunday, 21 June 2020 07:16 AM
දැන් හෙට ජෙප්පෝ අහවි රටට ලැබුණු යූරෝ බිලියන 750ට මොකද වුනේ කියලා...
CYRIL WIMALASENA Sunday, 21 June 2020 08:49 AM
මේ රටවල් 3 එකට එක්වී වැඩකළ යුතුයි..